hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 22, පෙ.ව. 12:05



කාවින්ද්‍යා අධිකාරි කියල කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.

මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.

ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.

කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.

කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..

ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.

ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.

අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.

කාගෙත් ආදරය දිනූ කවීට ආදරණීය උරුමකරුවෙක් ලැබිලා.

ඉතින් මේ ගෙවෙන්නේ ඇගේ ජීවිතයේ ලස්සනම කාලෙ කිව්වොත් හරි.

කාවින්ද්‍යා හරි අපුරු සටහනක් මුහුණුපොතට එකතු කර තිබුණේ මෙහෙමයි.

”ඉඩෝරය හැමදාටම තියෙන්නෙ නෑ… වසන්තය ඉක්මනටම උදා වෙනවා”,

ගොඩක් අය හැමවෙලේ ම වගේ මට මේ දේ කිව්වා…

හැබැයි මට ඒ කවුරුත් විශ්වාස කරන්න තරම් හිතක් ඒ කාලෙ ඉඳන් ම තිබුනෙ නෑ…

කල් යන්න යන්න, ප්‍රශ්න එන්න එන්න, හිතේ ශක්තිය නම් වැඩි උනා කියලා දැනුනා….

ඒත්, ඒ කොහොම උනත් වසන්තයක් ගැන නම් හීනෙකින් වත් බලාපොරොත්තු උනේ නෑ….

හැබැයි මම “විශ්වය” (universe) ගැන හුඟාක් විශ්වාස කරපු කෙනෙක්…

හිත යට චූටි කොනක හැම තිස්සෙම පුංචි ම පුංචි බලාපොරොත්තුවක් තිබුනා දවසක කෙනෙක් ඇවිත් ඒ “වසන්තය” මට ලඟා කරයි කියලා…

අන්තිමේ දි එයා ආවා තාවකාලිව නෙමේ, සදාකාලික වසන්තයක් ලෙස මගේ ලඟ ඉන්න….

ගොඩක් අයට හිතන්න පුලුවන්, “ඔයෙ කොච්චර කිව්වත් ඉඩෝරය ලඟ ලඟම ආයෙ එන්න බැරි නෑ”, කියලා…

ඔව්, ඒක ඇත්ත මොකද අපි කරපු සහ කරන පිං/පව් අනුව නෙ අපිට ජීවිතයේ දේවල් ලැබෙන්නේ…

හැබැයි, මම විශ්වාස කරනවා “හිත ශක්තිමත්” දෙන්නෙක් මුණගැහුනාට පස්සේ ඉඩෝරයත් වසන්තය ලෙස භාර ගෙන ඉදිරියට යන්න ශක්තිය තව තවත් ලැබෙනවා කියලා…

හිතේ ශක්තිය දියුනු කිරීම, අත අරින්න එපා මොන ප්‍රශ්නෙ ආවත්, දවසක හැමදේටම “කාලය” උත්තර දෙනවාම යි…

“හිටොයොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී”, කියන්නේ නිකං නෙමේ….

-කවී-





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: