hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:02



කාවින්ද්‍යා අධිකාරි කියල කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.

මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.

ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.

කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.

කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..

ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.

ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.

අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.

ඉතින් පසුගියදා ඇය විවාහ ගිවිස ගත්ත පුවත අපි ඔයාලට කිවුවනේ.

මේ කියන්න යන්නේ එයාගේ ආදරණීය සැමියා වෙනුවෙන් ඇය තැබූ සටහනක් ගැන.

ඔහුගේ උපන් දිනය වෙනුවෙනුයි ඇය මේ විදිහේ සටහනක් තබා තිබුනේ.

මගේ ජිවිතේ මට හමුවුණු වටිනාම හමුවීම ඔයා…

විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔයා වගේ හොඳ මනුස්සයෙක් ව මගේ ජීවිතේට ළං කලාට…

සුබම සුබ උපන්දිනයක් වේවා මගේ Babyooooo …

ජීවිතේ හොඳම දේවල් හැමවිටම ඔයාට ලැබෙන්න ඕනේ…

ඔයාව මෙච්චර ආදරණීය මනුස්සයෙක් විදිහට හදපු ඔයාගෙ රත්තරං අම්මටයි, තාත්තාටයි මම සදා ණයගැති… 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: