hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 05, පෙ.ව. 12:04



කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ මෙරට තාරුණ්‍ය නියෝජනය කරන ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යොවුන් ගායන ශිල්පිනියක්.

මේ වෙද්දී ලාංකිකයන් හැමෝම වගේ මේ යොවුන් ගායන ශිල්පිනියට ආදරය කරනවා.

ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.

කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි.

කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා..

ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ.

ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා.

අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.

ඉතින් පසුගියදා ඇය විවාහ වුණ බව ඔබ සියලුදෙනාම දන්නවනේ.

ඉතින් මෑතකදි විවාහ වුණ කාවින්ද්‍යා දැන් හරි ආදරණීය පවුල් ජීවිතයක් ගත කරනවා.

මේ කියන්න යන්නේ ඇය තබා තිබූ ෆේස්බුක් සටහනක් ගැන.

මේ ඇය ඇගේ ජීවිතය ගැන කියන කතාව.

“මගේ කථාවේ HERO මම!

ජීවිතේ කඩා වැටුන, හිත රිදුන, ප්‍රතික්ෂේප වුන හැම තැනකම හිටියෙ මගේ ලඟ “මම”. මම මට පුදුම ආදරෙයි!

ඒ ආදරේට එහා ගිය ආදරයක් හොයාගන්න අමාරුයි කියලා හිතපු මගේ ඒ අදහස අද වෙනකොට ටිකක් වෙනස් වෙලා තියෙනවා දෙවියෙක් වගේ මනුස්සයෙක් නිසා…

ඒ කොහොම උනත්, මනුස්සයෙක් මාව රිද්දන ගානට මම කලේ මෛත්‍රී කරපු එක… එහෙම කරපු නිසා, අද වෙනකොට පුදුම සැනසීමකින් මම ජීවත් වෙනවා…

අද වෙනකොට මම මට එහා කවුරුත් ගැන ඕනවට වැඩිය නොහිතා, මේ ලෝකේ මට වඩියෙන් ම ආදරේ, මාව වැඩියෙන් ම තේරුම් ගත්ත ගන්න, සහ මාව බබෙක් වගේ බලාගන්න මගේ කෙනා එක්ක ලස්සනට ජීවත් වීම තමයි මගේ එකම ප්‍රාර්ථනාව…

තමන්ගෙ ජීවිතේ වරදින්න පුලුවන්… නමුත්, තමන් ගෙ හිත හොඳයි නම්, කාලය විශ්වය විසින් ඔබේ ජීවිතේ හොඳම දේ ලැබෙනවා කියන දේ සහතික වනු ඇත.

-කවී-“





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: