hit counter

2026 ඔක්‍තෝබර් මස 20 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 10, ප.ව. 2:56



මේ වෙනකොට ක්‍රිකට් කියන නම ඇහුවත් මිනිස්සුන්ට කේන්ති යන ගතියක් එනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

දිගින් දිගටම ලබපු නිර්ලජ්ජිත පරාජය නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ.

ලබපු අන්ත පරාජයත් එක්ක අද ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම් ලංකාවට ආවා.

ඒ ඇවිත් කටුනායකදී කුසල් මෙන්ඩිස් මාධ්‍යට කියපු කතාවක් ගැන මේ වෙනකොට සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා.

“තරගාවලිය ගැන ඇත්තටම ටිකක් කනගාටුයි. හොඳින් ඉවර කරගන්න බැරි වුණා. ඒ ඇරෙන්න මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ. අපි පටන් ගනිද්දි හොඳට පටන් ගත්තා. මැච් පරදිනකොට අපි බැලුවා මොකක්ද කරන්න පුළුවන් කියලා. කණ්ඩායමක් විදියට පුළුවන් උපරිමය කරන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. කණ්ඩායමේ එකමුතුකමක් තිබුණේ නැහැ කියන එක ගැන මම ගොඩක් හිතන්නේ නැහැ. හැමෝම බැලුවේ තරගය දිනන්න තමයි. කණ්ඩායමෙන් මට ගොඩක් ලොකු සහායක් ලැබුණා. තරග දිනන පරදින එක අපිට පාලනය කරන්න අමාරුයි. ඉදිරි තරගාවලි බලලා ඒ විදියට සැලසුම් හදන්න ඕනේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: