2024 පෙබරවාරි 24, පෙ.ව. 12:00
හදිසි අනතුරකින් ජීවිත්කෂයට පත් වූ කොළඹ විශ්වවිද්‍යාලයේ සහාය කථිකාචාර්‍ය ලක්මිණී චූලෝත්තමා බෝගමුවගේ අවසන් කටයුතු සිදු කරන්නට වුණා.
වචනයේ පරිසමාප්ත අරුතින්ම ලක්මවට මැණිකක් වූ ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ සහාය කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළා.
කැලණිය සරසවියේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දියණිය වන ඇය අඩු වයසින්ම අධ්‍යාපන කඩඉම් ජයගත් තරුණියක්.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධි පාඨමාලාවේ 2022 වසරේ දක්ෂතම ශිෂ්‍යාව මෙන්ම වැඩිම ලකුණු ලැබූ සිසුවිය බවට ද ඇය පත්වන්නේ, පොතපත පමණක් නොව නැටුම් ගැයුම් ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වලටත් දක්ෂ සහ දීප්තිමත් සිසුවියක ලෙස සරසවිට කීර්තියක් අත්කර දෙමිනි.
පසුගිය 16 වැනි දාත් සරසවිය බලා නිවසින් පිට වන්නේ, තමා එන තුරු බලා සිටින සරසවි දරුවන්ගේ දෙනෙත් පාදන්නටයි.
නමුත් ඇයට සිය ගමනාන්තය දක්වා යන්නට නොලැබිණි.
ලොරි රථයක් බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධියේ දී ඇය ව අනතුරට ලක්කර තිබුණේ නොසිතූ ලෙසිනි.
කොළඹ සරසවියේ කථිකාචාර්යවරියක් වූ ලක්මිණිගේ පියා චන්ද්‍රසිරි බෝගමුව මහතා කථිකාචාර්යවරයෙකු වනවා.
ඔහු සිය දියණියගේ වියෝව ගැන කියමින් මොහොතකට පෙර දී මුහුණු පොතට සංවේදී කවි පන්තියක්ද එක් කර තිබුණා.
‘ලක්මිණි චුලෝත්තමා …………………. ලංකාවට මිණි කැටයක් වූ පුංචි උත්තමාවී!!
සඟවා ගත්ත ශෝකය පිරි ලය මඬල
විලිකුන් සුරත් පල වැනි වූ රිවිමඬල
සැඟවුණි විකුම්සිහපුර පල්ලම අසල
සොහොන් කොත උඩින් එබුණා සඳමඬල
සීතල කිරණ සිප ගත්තා මුව කමල
මිලින වූ රෝසමල පිළිගත්තේ මිහිමඬල
පබැඳුම : චන්ද්‍රසිරි බෝගමුව‘
2025 ජනවාරි 24, පෙ.ව. 12:28
2025 ජනවාරි 24, පෙ.ව. 12:04
2025 ජනවාරි 23, පෙ.ව. 12:08
2025 ජනවාරි 22, පෙ.ව. 12:02
2025 ජනවාරි 21, ප.ව. 12:27
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
24-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25