hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 21, පෙ.ව. 12:05



කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ සේවය කරමින් සිටි,සහකාර කථිකාචාර්ය ලක්මිණි බෝගමුව මෙනවිය අවාසනාවන්ත ලෙස මෙලොව හැරගොස් තිබෙනවා.

ඒ ඇය, පසුගියදා සිදුවූ රිය අනතුරකින් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

ඇය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක් සිය සාතිශය සංවේගය පළකර තිබුණා.

ඒ සටහන් අතරින් කිහිපයක් පහතින්,

‘මැණික්,අපි හැම තප්පරේම හිතුවා ඔයා දැන් නැගිටියි දැන් නැගිටියි කියලා.. ඔයාගෙ ෆොටෝ එකකට මෙහෙම ලියන්න වෙයි කියල අපි හිතුවෙත් නෑ හීනෙකින්වත්… හැම තප්පරයකම හිතේ තිබ්බා ඔයා ආයෙ එනවමයි කියන බලාපොරොත්තුව.. ඒත් අපි හැමෝවම අඩවලා ඔයා දැන් සුව නින්දක…මගේ තාත්තා නැති වෙන වෙලාවෙ මම ඇහැරෙනකල් මගෙ ළගටම වෙලා මගෙ ඔලුව අත ගගා හිටිය ඔයා අද සදහටම නිදි කියල පිලිගන්න තාමත් අමාරුයි මැණික් ඔයා ගොඩක් ලස්සන, බුද්ධිමත්, නිරහංකාර අහිංසක ළමෙක්.. ඔයා අපිට මැණිකක් උනේම ඒ නිසයි.. මෙඩ්ල් ගොඩක් ගත්තු ලස්සන ගෑනු ළමය කවුද කියල කන්වර්කේෂන් එකේදි හැමෝම ඇහුවම අපිත් ආඩම්බරෙන් කිව්වෙ ඒ අපේ මැණික් කියල.. නටන්න, රඟපාන්න, සිංදු කියන්න ඕන දෙයක් පුලුවන් උනු ඔයා ඇත්තටම all rounder කෙනෙක්.. batch top වෙන්න් තරම් දක්ෂ, ලස්සන කොන්ඩෙ ඇස් එක්ක තිබ්බ ලස්සන රූපෙ, තාත්තා මහාචාර්ය කෙනෙක් වෙච්ච ඔයාට ආඩම්බර අහංකාර කෙල්ලෙක් වෙන්න ඕන තරම් හේතු දාහක්තිබ්බත් මම දැකපු නිහතමානිම නිරහංකාරම ගෑණු ළමෙක් ඔයා.. ඔයා මලක්..මුලු රටට මැණිකක්2017BA ලක්මිණි බෝගමුව – සින්ඩි(කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යනාංශයේ සහාය කථිකාචාර්ය)ඔයාට නිවන් සුව මතු ඉපදෙන කිසිම ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා!!’

‘නිවන් සුව ලක්මිණි…මන් 1වසරේ ඉදන් දැකපු ලස්සන රෑපයක්.ලස්සන ඇස් දිග කොණ්ඩයක් එක්ක දැක්ක ලස්සන කෙල්ලෙක්.මෙයාට බැරි දෙයක් නෑ.මට තාම මතකයි නැටුම් කාමරේ එයා ලස්සනට නටනවා.කොලඹ විශ්වවිද්‍යාලයීයේ ජාත්‍යන්තර සම්බන්ධතා අද්‍යන අංශයේ Assistant lecturer කෙනෙක්.තාත්තා professor කෙනෙක් වුනු campus එකේ ම ඉහළින් ම දිනපු කෙල්ලෙක්.Convocation එක දවසේ International releationship dep එකේ batch top medal 2ක් සමග scholarship එකක් ගත්තු දක්ශ අහිංසක ලස්සන කෙල්ලෙක්.ඒ අම්මටයි තාත්තයි හිටපු එකම දරැවා.අවුරැදු ගානක් ගිහින් හම්බ වුනු එකම දරැවා.දුක කොහොම දරාගන්නව ද කියන එක මට හිතා ගන්න බෑ.මට මෙහෙම දුකයි නම් ඒ අම්මා තාත්තාගේ වේදනව හිතා ගන්න බෑ ඒ හිනාව කටහඩ මට තාමත් මතකයි.ඔයා ඇත්තට ම සුරංගනාවියක්.ඔයට මතු කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොවේවාඔයාව අන්තිමටම බලන්න හෙට මම අනිවාර්යයෙන් එනවා ලක්මිණි.1-C එකේ හිටපු කවි 2024.02.18’

‘මොකද්ද කියන්න ඕනි කියලා තේරෙන් නෑ මැනික..කියන්න වචනත් නෑ..මේ ටිකේම ඇස් පියන් ඉන්න උබ දිහ බලන් ප්‍රාර්ථනා කළේ ආපහු නැගිටපන් කියලා.. ආයේ හොද වෙලා පිස්සු නටන්න එන්න කියලා අපිත් එක්ක..ඉක්මනට හොද වෙයන් මචං කියලා හිතින් හිතුව වාර ගණන කියන්නත් බෑ..ඒ හැමදේම බොරු වුණා බං. උබ ඉල්ලපු ඉල්ලීමක් කරන්නත් බැරි වුණා. නිවන් සුව මැනික. ආයේ නම් මේ වගේ අකල් මරණයක් වෙන්නම එපා..ආදරෙයි බං..’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: