hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 23, පෙ.ව. 12:01



ඇය නමින් ලක්මිණි බෝගමුව.

කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යක්.

1997 වර්ෂයේ උපන් ලක්මිණි ගිය වසරේ පැවති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදි සම්මාන දෙකක් සහ ශිෂ්‍යත්වයක් ලබාගෙන තිබුණේ ඉහළම ලකුණු ලබා ගනිමින්.

පසුව ඇය ඇගේ සුවිශේෂි දක්ෂතා නිසාම එම විශ්වවිද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරියක් ලෙස තේරි පත් වනවා.

ලක්මිණි කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දියණිය වනවා.

රූපයෙන් වගේම උගත්කමින් ඉහල ලක්මිණිට පසුගිය දිනක අවාසනාවන්ත ඉරණමක් අත් වුණේ ඇයවත් කිඓදු කෙනෙකු නොස්තූ ආකාරයෙන්.

මෙම සිදුවීම අපි ඔබට මින් පෙර වාර්තා කලා. මාර්ගය මාරු වීමට උත්සාහ කිරීමේදි ඇය ලොරි රථයක වැදී රෝහල් ගත කර තිබුණා.

ඇයවත් නොසිතූ ලෙස ඉතාම අවාසනාවන්ත ලෙස ඇයගේ මොළයට සිදුවූ අභ්‍යන්තර ලේ ගැලීමක් ඇතුළු අනතුරු හේතුවෙන් ඇය මීට දිනකට පෙර සදටහම මෙලොවින් සමුගෙන තිබුණා.

ලක්මිණි පසුගිය දිනෙක රැකියාවට යාම සඳහා වික්‍රමසිංහපුර දෙසට සිට පදික මාරුව ආසන්නයෙන් මාර්ගයේ අනෙක් පෙදෙසට මාරු වීමට යාමේ දී බත්තරමුල්ල – පැලවත්ත දෙස සිට තලවතුගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ගැටී මාර්ගයේ ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දීම ආසන්නයේ ම පිහිටි පෞද්ගලික රෝහලකට ඈ ඇතුළත් කර අනතුරුව කොළඹ ජාතික රෝහලට ද මාරු කර යවා තිබුණා.

එසේ වුවත් ඇය නොසිතූ ලෙස ජීවිතයට සමු ඇති බවටයි තොරතුරු වාර්තා වූයේ.

මතකයේ නොමියෙන රෝස මල

Lakmini Bogamuwa

ආදරණීය දියණියනි,

මෙලොව සෑම දෙයක් පිළිබඳවම නැවත නැවත ත් මෙනෙහි කර සිතා බැලීමට වෙහෙස කරවන ඔබේ අකල් වියෝව පෞද්ගලිකව මටත් මගේ පවුලේ සැමටත් කිසිලෙසකත් දරා ගත නොහැකි තරම් වූ හදවත සසල කල පුවතක් විය . මේ පුවත ඇසූ අප නිවස ද ඒ මොහොතේ පටන් එකම මළගෙයක් බවට පත්විය . ලෝකය සුපුරුදු ලෙස කැරකුනත් කුමක් හෝ අතපසු වූ, අමතක වූ සෙයක් ම දැනෙයි. එය දැඩි මානසික ආතතියකි.

ආදරණීය සුන්දර තාත්තා කෙනෙකු සහ අම්මා කෙනෙකු දෙව්ලොවින් ලද උතුම් වස්තුවක් ලෙස සුරැකි ඔබ අප සියල්ල හැර ගොස් හමාරය.

ඔබ මගේ දියණියක නොවුවද ඔබද අප පවුලේ ආදරය දිනූ , ආදර දියණියකි. ඔබ කුඩා කල සිට අප ඇසුරේ යෞවනයේ කිරුළු දරමින් අප හිත මිතුරු චන්ද්‍රසිරි බෝගමුව සහෘදයානන් තෝරා ගත් සරසවි ශාස්ත්‍රීය මග යමින්, ශාස්ත්‍ර ලෝකයේ ප්‍රකට වෙමින්, මිනිසුන් දිනා ගනිමින්, මේ කෙටි කාලය තුළ ඔවුන්ගේ සිත් සතන් සපුරා ලමින් සුන්දර විවාහ ජීවිතයකට සූදානම්ව, ඔබ සිත කැමති කුමරෙකු සමඟ අතිනත ගැනීමට සූදානම්ව සිටි ඔබගේ මංගල ආරාධනා රැගෙන අප නිවසට නොබෝ දිනකින් පැමිණෙතැයි අප බලා සිටි සිතිවිල්ල අපට අහිමි කර , ඔබ වෙනත් ගමනක් ඔබේ ආදරණීය අනාගත ස්වාමි පුතුටත් ටත් නොකියාම ගොස් හමාරය. එය සෑම කල්හි අප සැමට දරාගැනීමට බොහෝ සෙයින් අසීරු වනු ඇත . අප හිත මිතුරු චන්ද්‍රසිරි සහ ආදරණීය බිරිඳ කෙසේ නම් මේ දුක් දරා ගනීවිද සිතාගැනීමට නොහැකි තරම් මගේ හිත අසීමිත ලෙස දුබලය. කුඩා ලදරියක ලෙස පටන් හෙට දවසේ මනාලියක ලෙස අපගේ සුබ පැතුම් ලැබීමට සූදානම්ව සිටි ආදරණීය ඔබගේ අසීමිත ඉගිලෙන මතක සමුදාය ජීවිතය ගැන නොසිතූ පාඩමක් කියාදෙයි .

ඔබේ කෙටි කාලය තුළ ජීවිතයේ සතුටු තෑගි ඔබ හැමට ප්‍රධානය කර ඇත. ඒ සතුට සමග ඔබ නික්ම ගොස් හමාරය .

ඒ සියලු දුක හඬා නිමා කළ නොහැකි බව නම් පසක් වේ. Lakmini ආදරණීය දියණියනි ,අපි නැවත තවත් දවසක හමුවේවි. අපේ සුන්දර මතක අතර ඔබ නොමියෙන රෝස මලකි. ඔබට සුභ ගමන්……!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: