hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 11:48



ඇය බොහෝ දෙනෙක් අතරේ කැපී පෙනෙන චරිතයක්.

මිතුරු මිතුරියන්  වගේම ඇය වටා ඉන්න ගුරුවරුන් වැඩිහිටියන් බොහෝ දෙනෙක් අයට ගොඩක් ඇලුම් කරන්නේ, ඇය සැබවින්ම නිරහංකාර ගති ඇති සොදුරු යුවතියක් නිසා වෙන්න ඇති.

“මන් 1වසරේ ඉදන් දැකපු ලස්සන රෑපයක්… ලස්සන ඇස් දිග කොණ්ඩයක් එක්ක දැක්ක ලස්සන කෙල්ලෙක්… මෙයාට බැරි දෙයක් නෑ… මට තාම මතකයි නැටුම් කාමරේ එයා ලස්සනට නටනවා…”

“ඕන ම දේකට නෑ බෑ නොකියා උදව් කරපු , අපිට හම්බවුණු අහිංසකම සහෝදරියක්.හැම අතින්ම දක්ෂකම් පිරුණු ඔයා ජීවිතේ අනිත්‍යතාව අපිට පෙන්නල දීල රහසින්ම යන්න ගිහින්..”

“මැණික්, අපි හැම තප්පරේම හිතුවා ඔයා දැන් නැගිටියි දැන් නැගිටියි කියලා.. ඔයාගෙ ෆොටෝ එකකට මෙහෙම ලියන්න වෙයි කියල අපි හිතුවෙත් නෑ හීනෙකින්වත්… හැම තප්පරයකම හිතේ තිබ්බා ඔයා ආයෙ එනවමයි කියන බලාපොරොත්තුව.. ඒත් අපි හැමෝවම අඩවලා ඔයා දැන් සුව නින්දක…”

මේ ඇය ගැන ඇගේ යාලුවන්, හිතවතුන් තැබූ සටහන්.. කෙනෙක් මිනිස්සුන්ගේ හිතේ මේ තරම් රජ වෙනවා කියන්නේ..? ඇත්තෙන්ම ඇය ඒ වගේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් තරුණියක්.

ලක්මිණී බෝගමුව, ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක්.

ඇගේ අධ්‍යාපන දිවිය ඇතුළේ අතිශය සාර්ථකත්වයට පත් ඇය අද වෙනකොට සැවොම හඬවා නික්ම ගොස් හමාරයි.

ඇගේ මරණය ගැන දුක්වෙන බොහෝ දෙනෙක් ඇය වෙනුවෙන් සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් ගොන්නක් පළ කරලා.

ඒ හැම සටහනක වගේම සඳහන් වෙන්නේ,ඇගේ ඇති යහපත් ගති පැවතුම් ගැනයි.

පාසලේදී වගේම විශ්ව විශ්වවිද්‍යාලයේ දීත් එකම විදිහට හපන්කම් දක්වන ඇගේ වියෝව හදිසි අනතුරක් නිසා සිදුවූවක් කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ..

කොහොම වුණත් ඇගේ දේහය මේ වනවිට එකී නිවසේ තැන්පත් කර ඇති අතර, 21 වැනිදා තලවතුගොඩ පොදු සුසානභූමියේදී අවසන් කටයුතු කිරීමට නියමිත බවට ඇගේ පවුලේ ඥාතීන් දැනුම් දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: