hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 29, පෙ.ව. 12:04



ලක්ෂාන් අබේනායක කියන්නේ සමාජ ජාලා පරිශීලනය කරන අයට  අමුතු චරිතයක් නෙවෙයි.

ඔහු පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්.

ඔහුට මුළු රටක්ම ආදරය කරන්න හේතුවක් තමයි ඔහු වෛද්‍යවරයෙක් විදිහට සැප පහසුව පිරි නගරාශ්‍රිත රෝහල් සොයාගෙන ඒවායේ සේවය කරන්නට  සොයනවා වෙනුවට දුෂ්කර ප්‍රදේශයන්ම තෝරාගෙන ඒ ඒ ප්‍රදේශයන් හී රෝගී ජනතාව සුවපත්  කිරීමට වෙහෙසුන  ජීවකයානන් කෙනෙක් වීම.

රෝගය සුව කිරීම අංක එක කරගත් ඔහු මුදල් සම්බන්ධව තැකුවේ නැති අපූරූ සුන්දර මනුස්සයෙක්.

තමන් සතුව තිබූ පරණ ජීප් එකේ හෝ බස් එකේ හරි රෝහලට යන ඔහු හමුවට එන රෝගීන්ට අවශ්‍ය ඖෂද පවා සොයා ගෙනැවිත් දෙන පුරුද්දක් ඔහු සතු වුණා.

කිසි දවසක මුදල මත රෝගීන්ගේ සුව දුක් නොබලපු ඔහු ඈත දුෂ්කර ප්‍රදේශයන් හී සිට පැමිණෙන රෝගීන්ට බස් රථයේ යන්නට පවා මුදල් නැති විට ඔහු සතු මුදල් ලබා දුන් හිත හොඳ දොස්තර කෙනෙක්.

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තම සුඛ විහරණය තකා පිටරටකට ගොස් සේවය කරන්නට අවස්ථාව තිබුණත් මේ රටේම හිඳ මේ රටේම මිනිසුන්  වෙනුවෙන් කැපවුණ ඔහු මේ වන විට අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතවයි සිටින්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: