hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 06, ප.ව. 1:05



ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියවූ යමුනා පද්මිණී මහත්මියගේ ඝාතනයට සැකපිට ඇගේ සැමියාව පුලස්තිපුර පොලීසිය ඊයේ (05) සවස අත්අඩංගුවට ගත්තා.

සැමියාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඇයව ඝාතනය කිරීමට යොදාගත් පොරොව අසළ ඉඩමක මාන ගාලක් අස්සේ සඟවා තිබී පොලීසිය සොයා ගෙන තිබෙනවා.

මෙම ඝාතනයට හේතුවී ඇත්තේ ණය මුදලක් සම්බන්ධයෙන් දෙදෙනා අතර පැවැති ආරවුලක් බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

ඇය සතු මුදලක් සැමියා විසින් යම් පුද්ගලයකුට ණයට දී ඇති බවත් එම මුදල මෙන්ම පොලිය ද මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් දෙදෙනා අතර මෑතක සිට ගැටුම් ඇතිවී තිබෙන බවත් පොලීසිය පවසයි.

කපිල බණ්ඩාර නම්වූ සැකකාර සැමියා ලංකාපුර කෑගලු ගම කනිෂ්ඨ විද්‍යාලයේ මුරකරුවෙක්.

නිවාඩු දිනයක් වූ බැවින් ඉකුත් 03 වෙනිදා ඔහු පාසලේ මුරවැඩට නොගොස් රාත්‍රී 11.00ත් 12.00 අතර කාලයේදී නිවසට පැමිණ ඇත්තේ බීමත්වයි.

‘එදත් ගෑණි මගෙත් එක්ක රණ්ඩුවුනා. සල්ලි කේස් එකට. මට ටිකක් ඒකට තරහා ගියා. ගෑණි නිදාගත්තම පොරොව අරගෙන ඔලුවට කෙටුවා. හැමදාම මේ කරදරේ ඉවසන්න බැහැනේ. එක පාරයි ගැහුවේ. එතැනම ඉවරවෙන්න. පස්සේ පොරව අරගෙන ගිහින් අල්ලපු වත්තේ මාන ගාලකට විසිකළා. ලේ ගෑවිච්ච ඇඳුම් හෝදල දාල තමයි හොරෙක් පැන්න විදිහට ළඟ ගේකට ගිහින් කිව්වේ.‘ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සිය බිරියව මරා දැමූ හැටි ඔහු වමරා තිබුණේ එසේයි.