hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 මාර්තු 26, පෙ.ව. 12:00



මීට කෙටි කාලයකට ඉහත මෙරට ජනප්‍රිය ‘නිවුන් නිළි යුවළක්’ සහ ‘ෆේස්බුක් පේජ් ඇඩ්මින්වරයෙක්’ ගැන පුවත් මැවුණා ඔබට මතක ඇති.

එකල එය මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ද අතිශය කතාබහට ලක්වුණු මාතෘකාවක් බවට පත්වුණා.

මේ කතාව තවමත් නිම වී නෑ. සමාජ මාධ්‍ය තුළ නම් එය දවසින් දවස අලුත් වන පාටයි.

මේ දවස්වල ඔහු අදාළ සිදුවීම අරභයා, විශේෂයෙන්ම තමන්ගේ ‘වාහන‍යක්’ සම්බන්ධව විවිධ වූ තොරතුරු, සාක්ෂි හැටියට සමාජ මාධ්‍ය හමුවට අරන් එන අන්දම දැකිය හැකියි.

මේ සටහන සහ ඡායාරූප කිහිපයත් එලෙස ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ පෝස්ටුවක් ඇසුරෙනි…

”වාහනේ හොයන එක පස්සට යන්නෙ මේක හොරකම් කරේ #ජනප්‍රිය නිවුන් නිළියන් නිසා ද

වාහනේ ගැන හරි විස්තරයක් දෙන කෙනෙක්ට 200,000/= ක් දෙනවා

මේ මගේ වාහනේ සහ ඒ වාහන හොරකම සම්බන්ධයෙන් කරපු පැමිනිල්ලෙ තොරතුරු.

වාහනේ මගේ GF ( දැන් ex ) ගෙ ගෙදර නවත්තල ආවෙ 2022 ජූනි වල තෙල් බින්දුවක් වත් නැති කාලෙ.

කලින් පෝස්ට් එකේ ගොඩක් අය අහල තිබ්බ ඇයි වාහනේ එහෙම දාල ආවෙ කියලා.

බ්ලැක් මාකට් එකෙ වත් තෙල් තිබ්බෙ නැති කාලෙ තමයි දාල ආවෙ.

ඊට පස්සෙත් මම සැරින් සැරේ කතා කරකර වාහනේ ස්ටාට් එහෙම කරන්න කියල උපදෙස් දිදී තිබ්බෙ ඒ නිළියො දෙන්නගෙ අම්මට

වාහනේ නවත්තල ඇවිල්ලා සතියක් දෙකක් යද්දි එෆෙයාර් එකේ ප්‍රශ්න ඇති උනා,

දෙන්නට මාව බෙදාගන්න බැරුව ප්‍රශ්න ඇති උනා වගේ රඟපෑවා.

මුලදි මම හිතුවෙත් ඇත්ත කියලා.

පස්සෙ තමයි තේරුනේ මේ වංචනික ක්‍රියාදාමයේ කොටසක් කියලා

පස්සෙ මාව බ්ලොක්ම කරල තිබ්බා එක එක හේතු කියලා.

පස්සෙ මාත් අදාල අයගෙ අම්මට කතා කර කර වාහනේට අව්ව වැටෙනවද, ස්ටාට් කරාද වගේ ඒවා අහ අහ හිටියා.

එකපාරටම මෙයාලා එක එක තැන් වලට කතා කරල වාහනේ වටිනාකම් ගැන අහන ඒව මට ආරංචි උනාම මම දැනගත්තා බබා හම්බෙන්න යන්නෙ කියලා

ඒක හිතන්න එච්චර අමාරු උනේ නෑ ඒපැත්තෙ එයාල ගැන ආරංචි උන දේවල් එක්ක.

මම එහෙම්ම මිනුවන්ගොඩ පොලිසියේ එන්ට්‍රි එකක් දැම්මා එවෙලෙ ගිහින් වාහනේ අරගෙන එන්න.

එතකොට හිටපු ක්‍රයිම් OIC කිව්වා එහ්ම ගේන්න බෑ කියලා.

මම තනියම යන එක තව ප්‍රශ්න දාගන්න වෙන වැඩක් හින්දා නීති උපදෙස් විදියටම වැඩ කරා.

ඒ අනුව තමයි CID එකේ එන්ට්‍රි එක දාන්නෙ.

මේ පහල අමුනල තියෙන්නෙ කොළඹ CID එකෙන් ගම්පහ බ්‍රාන්ච් එකට යවපු ලෙටර් එක

ඕකෙ දිනේ බලන්න 2022 අගෝස්තු ඕක යන්නෙ.

මුන් ඊට පස්සෙ මාස ගනන් ඇද්දා.

CCTV පවා අරගෙන නෑ දන්න විදියට.

මම දන්න විඩියට,කෝල් රෙකෝඩ්ස්,ඇසින් දුටු සාක්ශි,දුරකතන දත්ත මේ හැමදේම දීල තියෙද්දිත් කෙලින්ම මුන්ට ඇද්දා

එකක් උන්ගෙ ගම සහ උන්ගෙ පරම්පරාවලම බලු වැඩ වලට සපෝට් කරන නිසා පොලිසියත් පුළුවන් තරම් යට ගැහුවා.

කීප වතාවක්ම ගෙනල්ල පැය ගනං කට උත්තර ගත්තා,කට උත්තර වැරැද්දුවා

පස්සෙ ඊට හරියටම අවුරුද්දකට පස්සෙ ඔය කියන පාර්ශවයෙන් මම සල්ලි ගත්ත කියල මට විරුද්ධව බොරු නඩු දාලා කම්පියුටර් එකෙ ටයිප් කරපු කොල කෑල්ලකට අත් අඩංගුවට ගත්තා.

ඒමදිවට ඒකට ලොකු මාද්‍ය ප්‍රචාරයක් දීලා මාව විනාසම කරන්න හැදුවා.

අන්තිමට මිනිස්සු මගේ ඇත්ත කතාව අහන්නෙ නැති තැනට මේ කතාව ගෙනාවා.

ඒක මේ වෙද්දි ගරු අධිකරනයේ විභාග වෙනගමන් තියෙන්නේ.

දැන් මේ වෙද්දි CID එකේ යොමු කරපු පැමිනිල්ලට අමතරව මේ පැමිනිල්ල මානව හිමිකම් පැමිනිල්ලක්,පොලිස් කමිශන් එකට වාර්තා කිරීමක් සහ ගරු අධිකරනයට කරුනු ඉදිරිපත් කරල අවශ්‍ය තොරතුරු ලබාගෙන තියෙන්නෙ නඩුවක් විදියට ඉස්සරහට ගෙනියන්න හැමදේම කරගෙන යන ගමන් තියෙන්නෙ.

මේ වෙනකොටත් හරිම අප්‍රසන්න විදියට විමර්ශන කටයුතු සිද්ද වෙමින් පවතිනවා.

උදාහරනයක් කියන්නම් – කාගෙන් හරි මේ සම්බන්ධව සාක්ශි ගන්න ඕන නම් ඌ කෝල් ආන්සර් කරන්නෙ නැති එක පවා මට කිය කිය මේක පස්සට ගහනවා.

ඇත්තටම දැන් තිත්ත වෙලා තියෙන්නෙ මේ වැඩේ. ඒත් මම මම වෙනුවෙන් ෆයිට් කරනවා

කලින් පෝස්ට් එකෙන් ගොඩ අය කතා කලා වගේම ගොඩක් සාක්ශි ටිකක් එකතූ උනා.

ඒ හැමෝටම එයාලගෙ පෞද්ගලිකත්වය ආරක්ශා කරනවා කියන පොරොන්දුව මම දුන්නා.

තාම පොලිසියට වත් මම දුන්නෙ නෑ ඒමිනිස්සුන්ගෙ විස්තර

වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ දුක වගේ නිසා සාක්ශි කරුවො ගැන අනිත් පාර්ශවයට කිව්වොත් ඒක ප්‍රශ්නයක්

ඔයාලට මුදල් දෙන්නම් වාහනේ තියන තැනක් හරියටම කිව්වොත්

පුළුවන් නම් 2022 ජූනි වල ඉඳන් CCTV රෙකෝඩ්ස් මේ පහලින් කියන ඒරියාස් වල තාම තියනවනම්,රිකවරි කරල ගන්න පුළුවන් නම් මට කියන්න.

මම පුළුවන් විදියට සල්ලි දෙන්නම් වාහනේ ඒවගෙ රෙකෝඩ් වෙලා තිබ්බොත්

( හයිවේ එන්ට්‍රන්ස් එකෙන් ජා ඇල පැත්ත්ට යන රූට් එක,මිනුවන්ගොඩ කටුනායක රූට් එක,පත්තඬුවන kingstar swiming school එක ගාව ඉඳන් ඔය ඕනි පැත්තකට යන පාරවල් වල )

කවුරුහරි ගෙවල් වලට පැනල CCTV ඩිලීට් කරන්න හරි තර්ජනය කරන්න හැදුවොත් ඒකත් මට විස්තර එවන්න පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න

පුළුවන් තරමක් මේක ශෙයාර් කරල දෙන්න.

කවුරුහරිම දකී මේ වෙනුවෙන් ඉක්මන් ඇක්ශන් එකක් ගන්න වෙන පුළුවන් වෙන විදියේ !!!

පසුව ලියමි – ඔය අදාල පාර්ශවයට මේක යනව කියල මම දන්නවා.

මට අවශ්‍ය නෑ අවුරුදු ගනං හිරේ දාල පලිගන්න.

තාම පරක්කු නෑ සුහදව කතා කරලා වාහනය භාර දෙන්න කැමතී නම් මම කැමතී ඒ සම්බන්ධව සලකලා බලන්න.

මොකද ඔය කියන් නිවුන් ගෑනු ලමයි ජීවිතේ පටං ගත්ත විතරයි.

දැනුම තියන මනුස්සයෙක් එයාලට කියල දෙන්න මේ ප්‍රශ්නෙ බරපතලකම සහ මේකෙන් එයාලට වෙන හානිය

එයාලට ඒක අවුලක් නැත්නම් මටත් අවුල නෑ !!!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: