hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 02, පෙ.ව. 12:04



නේපාලය සිය පළමු සමලිංගික විවාහය ලියාපදිංචි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එය සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් සඳහා වූ ජයග්‍රහණයක් ලෙසයි ක්‍රියාකාරීන් වාර්තා කර ඇත්තේ.

මෙසේ විවාහ වී ඇත්තේ 35 හැවිරිදි මායා ගුරුන්ග් සහ 27 හැවිරිදි සුරේන්ද්‍ර පාණ්ඩේගේ නම් යුවළයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සමලිංගික ප්‍රජාව සඳහා විවාහ ලියාපදිංචි කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර මාස පහකට පසුව මෙම විවාහය සිදු වී ඇති බවයි.

2015 වසරේදී ගුරුංට පාණ්ඩේ මුණගැසුණේ නවල්පරාසිහි දී ය. ඇගේ සහෝදරියට අයත් අවන්හලක් ඊට ආසන්නයේ පිහිටා තිබුණි.

සෑම විට ම පාහේ පිරිමින්ට ආකර්ෂණය වුණු පාණ්ඩේ, මායා මුණගැසුණු සැණින් ඇය හා ආදරයෙන් බැඳුණි. ඔහු දැන් පවසන්නේ ඔහුගේ ලිංගික දිශානතිය වර්ගීකරණය කරන්නේ කෙසේදැ යි ඔහුට අවබෝධයක් නොමැති බව ය.

ඔහුගේ දෙමාපියන් ටයිපොයිඩ් රෝගයෙන් මියගිය දා පටන්, වයස අවුරුදු හයේ සිට ඔහු ඇතිදැඩි කළ ඔහුගේ වැඩිමහල් සහෝදරියට සත්‍යය හෙළි කිරීමට මෙම සම්බන්ධය ඔහුට ධෛර්යය ලබා දුන්නේ ය.

“මුලදී අක්කා ඒක අනුමත කළේ නැහැ. එයා මං ගැන, මගේ අනාගතේ ගැන කනස්සල්ලෙන්, හිත් කරදරෙන් හිටියේ. ඒත් මම වෙනස් බව එයා ටිකෙන් ටික පිළිගත්තා.”

පාණ්ඩේ ගුරුං හා කත්මණ්ඩු වෙත ගිය අතර, ඔවුහු ක්‍රමයෙන් පවුල්වල අනුමැතිය දිනා ගැනීමට සමත් වූහ.

වසර දෙකක පෙම් සබඳතාවකින් පසු 2017 වසරේ දී යුවළ කත්මණ්ඩු නුවර පිහිටි හින්දු කෝවිලක විවාහ උත්සවයක් පැවැත්වූහ. පවුලේ සාමාජිකයින් සහ මිතුරන් විශාල ගණනක් ඊට සහභාගි විය. ඔවුහු ‘පංචේ බජා’ නම් සම්ප්‍රදායික සංගීත භාණ්ඩ පහකින් නැගුණු සංගීතයට නැටුම් ගැයුම්වල යෙදුණහ.

එතැන් සිට ඔවුහු තම සුරතලා වන සුරූ සුනඛයා සමග ජීවත් වෙති. “අපි ගෙදර සුද්ද කරන්නේ එකට, උයන්නේ එකට, මම මායාගේ කුකුළු මස් කරියට හරි ම කැමතියි,” පාණ්ඩේ පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: