hit counter

2024 ඔක්‍තෝබර් මස 13 වන ඉරිදා

2024 පෙබරවාරි 26, පෙ.ව. 12:01



මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් කතාබහ කරන ආදරණීය යුවළක්.

පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දීපු මාදවී අද වෙද්දි කසුන්ගේ ආදරයත් එක්ක බොහොම තැන්පත් නිවිච්චි චරිතයක් බවට පත්වෙලා.

මාධවීගේ ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ වියෝවේ පටන් ඒ එතුමා අසනීප වූ අවස්ථාවේදීත් මේ කියන සෑම තැනකදීම මාදවීගේ පිටිපස්සෙ හිටියේ කසුන්.

ඒ සියලු දුක සැප බෙදා ගැනීම් එක්ක ජීවිත ඉදිරියට යන ඔවුන් එකම වහලක් යට කල් ගෙවන කාලයත් නොබෝ දිනකින් එළැඹේවි.

ඒ වගේම තමයි කසුන් සහ මාධවී කියන්නේ හොඳට අදහස් තියෙන දෙන්නෙක්.

කසුන් වෘත්තිමය වශයෙන් ගී පද රචකයෙක් වන අතර මාධවීටත් භාෂාව පිළිබඳව මනා කුසලතාවයක් තියෙනවා.

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා වැඩසටහනක් සඳහා එක්වෙමින් මාධවී ජීවිතේ වැරදු‌ණේ කොතනද කියලා අහපු ප්‍රශ්නයකට මෙසේ පිළිතුරු ලබා දුන්නා.

‘පුංචි කාලේ ගත්ත සමහර තීරණ කොයි විදිහට බලපායිද කියලා මට තේරුණේ නෑ… කවුරු හරි ලස්සනයි නම් සුදු යි නම් එයා හොඳ ඇති කියලා අපි හිතනවා. පුද්ගලයෙකුගේ ආත්මය තමයි මම හිතන්නෙ වැදගත්… කෙනෙක් ගැන අපි කරන විනිශ්චය බොහෝ විට හරි යන් නෑ…. ප්‍රශ්න නිසා මම කාලයක් මානසිකව වැටෙනවා. මට ජීවිතේ ගොඩක් හිරිහැර කළේ ළඟම හිටපු අය.. අප්පච්චි නැතිවුණා. ඒ දෙයින් ප්‍රයෝජන ගත්තූ මිනිස්සුත් හිටියා… හැබැයි මම කාටවත් ඇඟිල්ල දික් කරන්නෙ නෑ……’

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: