hit counter

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 28, පෙ.ව. 12:07



මාධවී ඇන්තනී සහ කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක් කතාබහ කරන ආදරණීය යුවළක්.

පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දීපු මාදවී අද වෙද්දි කසුන්ගේ ආදරයත් එක්ක බොහොම තැන්පත් නිවිච්චි චරිතයක් බවට පත්වෙලා.

මාධවීගේ ආදරණීය පියා වන ජැක්සන් ඇන්තනී මහත්මයාගේ වියෝවේ පටන් ඒ එතුමා අසනීප වූ අවස්ථාවේදීත් මේ කියන සෑම තැනකදීම මාදවීගේ පිටිපස්සෙ හිටියේ කසුන්.

ඒ සියලු දුක සැප බෙදා ගැනීම් එක්ක ජීවිත ඉදිරියට යන ඔවුන් එකම වහලක් යට කල් ගෙවන කාලයත් නොබෝ දිනකින් එළැඹේවි.

ඒ වගේම තමයි කසුන් සහ මාධවී කියන්නේ හොඳට අදහස් තියෙන දෙන්නෙක්.

කසුන් වෘත්තිමය වශයෙන් ගී පද රචකයෙක් වන අතර මාධවීටත් භාෂාව පිළිබඳව මනා කුසලතාවයක් තියෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: