hit counter

2026 ඔක්‍තෝබර් මස 17 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:02



පහුගිය දවසක ඇන්තනී පවුලට තවත් කොලු පැටියෙක් උපන්නා.

ඒ, කසුන් – මාධවී දෙන්නගෙ කුළුඳුල් දරුවා ලෙසින්. දැන් එයා තමයි, ‘ඇන්තනී පවුලේ පුංචිම සාමාජිකයා’

පුංචි පුතු පැටියගෙ නම එහෙම නම් තවම ප්‍රසිද්ධ කරලා නෑ.

නමුත් පුතු එක්ක ආදරණීය සේයා රූ නම් කසුන් – මාධවී සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරනවා.

එහෙම එකතු කළ සේයා රූ කිහිපයක් තමයි මේ…

ඒත් එක්කම පුතු වෙනුවෙන් කසුන් අතින් ලියවුණු සොඳුරු කවියකුත් අපේ ඇස ගැටුණා.

හිතේ හයියම පේන ඇස් දෙකේ සවිය

ඇසේ මට ලෙලදෙනා කටහඬේ අවිය

හිසේ මල් ඉහේ දැන් සුන්දරයි දිවිය

පුතේ නුඹ මා ලියූ ලස්සනම කවිය !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: