hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 28, පෙ.ව. 12:04



මාධවී ඇන්තනී කියන මේ චරිතය  වර්තමානය වන විට සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා.

ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇයට රහට ගායනා කරන්න පුළුවන්.

ඒ සියලු හැකියාවන් එක්ක ඇය කලාව තුළ අද වෙද්දි ලස්සන ගමන් මගකට අවතීර්ණ වෙලා.

ඕනෑම කෙනෙක් දන්නවා මාධවී කියන්නේ විවාහ ජීවිත නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක්.

හැබැයි අද වෙද්දි ඇය ජීවිතයට හොඳම තේරීමක් තෝරගෙන.

ඔහු තමයි දක්ෂ ගී පද රචකයෙක් විදිහට වැඩ කටයුතු කරන කසුන් මහේන්ද්‍ර හීනටිගල.

ඉතින් මේ දෙන්නම අද වෙද්දි තමන්ගෙම කියලා ව්‍යාපාරයකුත් එක්ක කලා කටයුතු කැස්සකපැසක නිරත වෙනවා.

මේ දෙන්නා එකතු වෙන කාල සීමාවේදී බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාට විරුද්ධව විවිධ දේවල් සමාජගත කළා.

ආපු ප්‍රශ්න වල ඉවරයක් නෑ.

මේ සම්බන්ධයෙන් මාධවී කියලා තිබ්බේ මේ වගේ කතාවක්

“ඔව් හුඟක් දුක හිතුනු තැන් තියෙනවා. හැබැයි එහෙම විවේචන කරන්නේ විනිශ්චය කරන්නේ ඔවුන් මගේ ජීවිතේ දවසක් පාසා වචනයක් ගානේ අහලා දැකලා නැති නිසා බව හිතා ඔවුන්ට සමාව දුන්නා. මගේ අසරණකම ඔවුන් දුටුවා නම්, මගේ අප්පච්චි වගේ මාව තේරුම් ගනීවි. මගෙ ලඟින්ම හිටපු, සියල්ල දැනගෙනත් වාසියට පිටුපාපු ඥාතියෝ, යෙහෙළියෝ, යහලුවෝ අදටත් මං ගැන බොරු චිත්‍රයක් සමාජගත කරමින් ඒවායින් වාසි ලබාගන්නවා. හිත රිදවලා අසරණ කරලා ඊරිසියාකාර කුහක සතුටක් භුක්තිවිඳිනවා. ඒවායින් කළකිරිලා මම මුළුගැන්වෙනවාට ඒ අය ආසයි. මම උත්සාහ කරන්නේ ඒ අයගෙන් බේරිලා අපේ පාඩුවේ පරක්කු වෙලා හරි ගොඩනගාගත්තු ස්ථාවර ජීවිතේ රැකගන්න. බලෙන්ම කරන අනවශ්‍ය මැදිහත්වීම් නිසා ඒක හරි අමාරු වැඩක්. නමුත් කසුන් බුද්ධිමත් කෙනෙක් නිසා “බාධක නම් තව එන්නේ – අපි ආදරයෙන් ඉන්නේ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: