hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූනි 21, පෙ.ව. 12:02



මේ දවස්වල බොහෝ දෙනෙක් වැඩි වශයෙන් කතා කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මාදවී ඇන්තනි කියන්නේ.

ඇය ජැක්සන් ඇන්තනි කියන ආදරණීය කලාකරුවාගේ එකම දියණිය කියන්නත් බොහෝ දෙනෙක් දන්නවා.

ඉතින් ඒ දේවල් එක්ක කලාව තුළ අප්පච්චිගෙ ගමන් මග අනුගමනය කරන මාධවී පසුගිය දවසක නැවත වතාවක් උතුම් විවාහ ජීවිතයට පා තැබුවා.

ඇයගේ විවාහ ජීවිතයේ තිබූ යම් යම් පරස්පර විරෝධී අදහස් සහ සිදුවීම් නිසා ඇය ඒ ජීවිතයට සම දුන්නත් නැවත වතාවක් ඇයට ආදරේ කරපු අයව තේරුම් ගත්තු ආදරණීය චරිතයක් ඇයට හමුවුණා.

ඔහුත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා නිරන්තරයෙන්ම වැඩකටයුතු කරන ආදරණීය කලාකරුවෙක්.

ඒ වෙන කවුරුත් නෙවෙයි ප්‍රසිද්ධ ගී පද රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.

ජීවිතේ මේ ගලාගෙන යන ගමන තුළදී ගල් වගේම මුල් කියන්නෙත් සාමාන්‍ය දේවල් කියල තමයි මාධවී කසනුයි කියන්නේ.

අපේ ජීවිතයේදී විශේෂ සහතික තුනක් ලැබෙනවාලු.

ඒ තමයි උප්පැන්නය, දහස් සහතිකය වගේම මරණ සහතිකය.

ඉතින් මේ කාරණය නිසා විවාහය කියන්නෙත් ගොඩක් විශේෂ දවසක්.

ඒ සතුට අපි අනිවාර්යයෙන්ම සමරන්න ඕන මොකද මේ අනිත්‍ය ජීවිතයේ ඇතුලෙදි අපි මේ ඉන්න ටික කාලේ විඳලා සතුටෙන් ඉන්නවා කියන එකම ලොකු දෙයක් නේ.

කසුන් කියන විදිහට අපේ සමාජය ගොඩක් මිනිස්සු ඊර්ෂාවෙන් වෛරයෙන් වගේම කුහකකමින් පෙලිලා ඉන්නේ, ඔවුන්ට සතුට වගේම විනෝදය ගිලිහී යන නිසා නේ..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: