hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 20, පෙ.ව. 10:02



අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ එකම දියණිය මාධවී ඇන්තනී තෙවැනිවරට විවාහ වී ඇත්තේ කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගිනි.

ඔවුන්ගේ විවාහ උත්සවය ඊයේ පැවැත්වුණා.

කසුන් කාන්තා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබෙනවා.

මාධවී කලින් විවාහවෙලා හිටපු කෙනෙක්. ඇය පෙම්වතිය කරගන්න යද්දි ඒක ඔබට ගැටලුවක් වුණේ නැද්ද?

“කිසිසේත්ම නෑ. මං විශ්වාස කරන ආදරය විවාහයට වඩා විශාලයි. කෙනෙක්ගෙ ජීවිතේ වැරදීම් සිද්ධ වෙන තරමටම ඒ අත්දැකීම් මතින් ඒ කෙනා පරිණත වෙනවා. ජීවිතේ අවබෝධ කරගන්නවා. හරියට ‘හර්මන් හෙස’ කියන ජර්මානු පඬිවරයා ලියපු ලෝක ප්‍රකට ‘සිද්ධාර්ථ’ පොතේ සිද්ධාර්ථ වගේ. මේ සමාජෙ බහුතරයක් හිතන් ඉන්නෙ දික්කසාද ගෑනු කියන්නෙ අවලංගු කාසි කියලා. ඒ වුණාට මං විශ්වාස කරන ‘ගෑනුකම’ කවදාවත් අවලංගු වෙන් නෑ. කසාදයක් නොගැළපෙනවා නම් එතැනින් ගෞරවනීය විදියට ඉවත්වෙන්න දෙපාර්ශවයටම ‘මානව අයිතියක්’ තියෙනවා. මං ඒ අයිතියට ගරු කරනවා. මට ඕනි මාධවීගෙ පළමු පෙම්වතාවත්, පළමු ස්වාමිපුරුෂයාවත් වෙන්න නෙමෙයි. මට ඕනි එයාගෙ ජීවිතේ අන්තිම ආදරේ වෙන්න. අන්තිම විවාහය වෙන්න. එයාට ‘ආදරෙන් සලකපු හොඳම සැමියා වෙන්න. දවසක මාධවීගේ මව්වත් කුසෙන් මෙලොව එළිය දකින බිළිදෙකුගෙ සාඩම්බර අප්පච්චි වෙන්න!”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: