hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 01, පෙ.ව. 12:06



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මදුමාධව අරවින්දගේ සහ ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ පියා වුණ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වූ බව අපි ඔබට කිව්වා මතක ඇති.

ඔහුගේ අවසන් කැමැත්ත පරිදි ඔහුගේ දේහය එදාම වෛද්‍ය විද්‍යාලයකට භාර දුන්නා.

මධුමාධව සිය පියාගේ අභාවය සහ අවසන් කටයුතු සම්බන්ධයෙන් සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

ඔබට ස්තුතියි ….

අපේ තාත්තා වෙනුවෙන්…

කනගාටුව පල කල

පෝස්ට් හැදුව

ඉන් බොක්ස් වල සෝකය ප්‍රකාශ කල

S.M.S මගින්

ඇමතුම් මගින් සොව පල කල

ලංකාවෙ සිටින ලංකාවෙන් පිට සිටින

ආදරනීයන් සියල්ලටම ස්තූතියි.

ඔහු ගැන වැඩසටහන් හදා විකාශනය කල ආදරනීය සියලු නාලිකා..

ලිපි පල කල සියලු පුවත් පත්…

ගුවන් විදුලි නාලිකා…

සමාජ මාද්‍ය ජාලා…

සියල්ලට ස්තුතියි .

පැය හයක් ඇතුලටහ් අවසන් කල නිසා එදින එන්න බැරි උන නෑයන්..එය ඉහිලුවාට ස්තුතියි .

අද දවස වෙන කම්ම කඩින් කඩ පැමින දුක බෙදා ගත්සැමට ස්තූතිය .

තාත්තා ඉල්ලපු පනිවිඩය තේරුම් ගෙන..

හදවතින්දුක ප්‍රකාශ කොට නෑවිත් සිටි සැමටත් ස්තූතියි…

ඉක්මනින් හැම දේම සරලව කරන්න කී එක දරා ගත්තවගේම. ඇමතුම් වලට උත්තර දෙන්න බැරි උනාම ඒක උහුලපු ඔබටත් ස්තූතියි.

අවසන් කටයුතු කරනට පුදුම වේගයෙන් නිවසටම ඇවිත් වැඩ ටික කරල දුන්

ග්‍රාම සේවක නෝනා

දම්මික දොස්තර මහතා

මරන සහතිකයලබාදුන් රෙජිස්ට්‍රාර් තුමිය

ආදාහනා ගාරය ලබා දුන් ත්‍යාගි

තාත්තගෙ අවසන් කමැත්ත රැගෙන

පැමින, එය පහැදිලි කල තුශාරි සහ ලාල් යන මිතුරු ලෝයර් නෝනට සහ මහත්තයට ස්තුතියි .

සහ අවසන් කටයුතු ඉතා කඩිනමින්

ඉතා පිලිවලට ලැහැස්ති කල කදාන මොඩර්න් මල් සාලවේ අදිපති රොශාන් මහතා ඇතුලු සේවක මන්ඩලය.

තාත්තා මිය ගිය හැටිය අපි සමගම නිවසේ, මහමග, මල් ශාලාවෙ, එක දිගටම රැයක් දවාල්ක් නැතිව අද වෙනකම්

හුස්ම ගත් අපේ සියල්ල ,වෙන එනම නොකියා එක මිටට පපුවට තුරුලු කරගන්නම්..

ස්තූතියි නුබලා සියල්ලටම..

එන්න් කැමැත්ත තිබුනත්…තාත්තගෙ අවසන් කමත්තට ගරු කරල් නෑවිත් හිටිය

අපි සමග ඈතින් ඉදන් හුස්ම ගත් අපේ උන් සියල්ල… තාත්තගෙ අවස කැමැත්තට ගරු කලාට ගොඩක් ස්තූතියි..

දුවල නැති තාත්තට දුවෙක් වෙලා

තාත්ත නැති ඇයට තාත්තෙක් වෙලා

ආදරෙන් බැදුන , මගේ බිරිදට කඩා ගෙන ලංකාවට එන්න හදද්දි, එන්න එපා කියල කිව්වම එය තේරුම් ගෙන අපහසුවෙන් තනියම දුක බෙදා ගත් එකට ඇයටත් ස්තුතියි .

අවසාන වශයෙන්…

“”ඉන්න කොට ආදරේ දුක සැප දෙන්න..

මැරුනම යන්න දෙන්න “

කියන පනිවිඩය අපිට කියාදී….

කිසිවෙක්ට කරදරයක් නැතුව නිහඩව් යන්නම ගිය මගෙ තාත්තා වෙනුවෙන්

අපේ පවුලෙ සැම වෙනුවෙන්…

ඔබට ආදරයෙන් ආචාර කරන්න අවසර දෙන්න….

අම්ම ,අයිය ,මදු, නිලූ, දනංජය, ශශිනි. සහ මෝන දුව.ස්වේතා දුව සහ මවුර්‍යා දුව ඇතුලු අපේ උන් සියල්ල වෙනුවෙන්..

තබපු සටහනකි.

මදු මාදව අරවින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: