hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 14, පෙ.ව. 12:10



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මදුමාධව අරවින්දගේ සහ ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ පියා වුණ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වූ බව අපි ඔබට කිව්වා මතක ඇති.

ඔහුගේ අවසන් කැමැත්ත පරිදි ඔහුගේ දේහය එදාම වෛද්‍ය විද්‍යාලයකට භාර දුන්නා.

මධුමාදව සිය මුහුණු පොතට අපූරු සටහනක් එක් කර තිබුණා.

කැලේ වැද්දගෙ යකඩ මනමාලී

දුවක් විය ඇය නොම උනා ලේලී

සමහරු ඇයට මටත් වඩා ආදරෙයි..

මමත් ඇයට මට වඩා ආදරෙයි…

ඇගේතාත්තා සයිප්‍රස් ජාතිකයෙක්.

ඇගේ අම්ම අපේ අම්මෙක්.

අවුරුදු පහලොවෙ සිට යුරෝපයේ හැදුනට..

ඇය ලංකාවෙ ගොඩේ කෙල්ලක්…

වැද්දෙක් වගේ මිනිහෙක්ව…

සුද්දෙක් වගේ වෙනස් කරපු…

කාට හරි දශමයකින් හරි මදු මාදව ඉස්සරට වඩා හොදයි දැන් කියල හිතෙනවා නම්…

ඒ ඈ නිසා බව හිස නමා පිලිගමි…

මගේ සීනි බනිස් නොහොත් යකඩ රෝස මල..

උබට කෝටියක් ස්තුතියි මගෙ පන..

මගෙ අම්මට තාත්තට දුවක් උනාට,

මහ පොලොවෙ පය ගහල ජීවත්වෙන.

හිතුවිල්ලකින්වත් එයාලගෙ හිත් නොරිද්දුව එක,

මම මැරෙනකම්,

මගෙ පපුව අස්සෙ පත්තු වේවි..

පහනක් වගේ… ඒ පහන මම නිවෙනකම්, නොනිමේවි….

නැන්දම්මා, මාමා අම්මා අප්පා කර ගැනීම කලාවක් නම්….

එහි පිකාසොනී උබයි මගෙ පන.

එහෙම ගැහැනු මේ ලෝකයේ ඉන්නව..

ඒ සියලුම බිරියන්ට, පෙම්වතියන්ට, දුවලට

මේ ලිපිය උපහාරයක් වේවා….

පොලොවෙ පය ගහපු ගෑනියෙක්ට

අඩි ගානක් අහසෙන් යන ගෑනියෙක්ට වඩා

මිනිහා ගෙන් වන්දනාමාන ලබන්න පුලුවන් බව මේ ලිපිය සාක්ෂි දරාවි….

මේ එහෙම ආදරනීය හිස නැමිල්ලක්..

මේ තමන්ගෙ ගෑනිට ආඩම්බරයෙන් දන නැවිල්ලක්…

මේ ජීවිතේටම හෙවන දුන්න ගහ ට ප්‍රසිද්ධියේ කරන ගරු කිරිල්ලක්,

මගේ යකඩ රෝස මලට..

බිරිද යනු ක්‍රියා පදයක් බව මට කියා දුන්න.

කැලේ වැද්දගෙ යකඩ මනමාලී, ඔන්න මන් ලෝකෙටම කිව්ව..

දැන් මන් වැද්දෙක් නෙවෙයි ගමක උපන්… හිටපු කොල්ලෙක් කියලා.

හැම කදුලක් පසු පසම..

පපුවක් තියෙනව නැවත හිනා ගෙනෙන.

ඒ තමා අපි මේ ගෙවමින් ඉන්න

ජීවිතය යන මහා අරුමය.

වැදි මාදව හොදවින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: