hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 18, ප.ව. 4:26



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මීට පැය කිහිපයකට කලින් මධූ ඔහුගේ ෆේස්බුක් එකට අපූරූ සටහනක් එක් කර තිබුණා.

ඒ රියැලටි තරුවක් විදිහට අතිශය කතාබහට ලක්වන අංජලී හේරත් සහ ශිහාන් මිහිරංග ගැන ද සඳහන් කරමින්.

අන්ජලී හේරත්ට…

රියැලිටි තරුවක් වෙන්න බෑ …

ශිහාන් මිහිරන්ග අද කෝ…

සිරසෙවත් නෑ..

අන්ජලීටත් එච්චර තමා…

මට අනුව ශිහාන් මහා ලොකු රියැලිටි තරුවක් නෙවෙයි..

අංජලී හේරත් තරහ වෙන්න එපා..

ඔබටත් එච්චරම තමා.. පුතේ.

රියැලිටි වැඩ සටහන් කරන චැනල් එකක වරදක් මොකක් හරි තැනකින් අල්ලල බත් එක බඩ උඩ තියාගෙන..

පලු ඇරින්න පුලුවන් වගේම…

කාමරවල , ගමේ , පාසැලේ විතරක් සිංදුවක් මුමුනපු අහිංසකයන් ලෝකයක් දකින්න සැලැස්සුවට.. ඒ චැනල් වලට ඕනෙනම්

අත් දෙක පපුවෙ තියල වදින්නත් පුලුවන්.

අපිට ඕනෙ නම් , අපි එරියස් එකක , පීඩනයක්

පොඩි ආතති සීන් එකක නම් ඉන්නෙ, අන්න ඒක වහගන්න මොකක් හරි කුනු ගොඩක් බුකියෙ අවුස්සනකන් ඉදල ඒකෙ තියෙන කක්කි සුවද ජීවිතේම අතුල්ලගෙන ඇමනෙන්න පුලුවන්…

(එහෙම ආතති කක්කි වලට හුරේ දාන්න ඒ වගේම සෙට් එකක් ඉන්න නිසා කක්කිම හොයන උන් හිතනවා ඔක්කමල කක්කි බබාල කියල.. මේ ලෝකෙම කක්කි ගොඩක් කියල)

ලෝකෙ ඉන්න සියලුම ගෑනුන් පස්ස පැත්තෙන් පිරිමි වගේම ලෝකෙ තියෙන ගන්දස්සාරම කක්කි නැමති දේ පිට කරන බව දැන දැන, ඒක සහමුලින්ම අමතක කරල මුලු ලෝකෙම ඉන්න ගෑනුන්ගෙ පස්ස හොරෙන් හෝ කෙලින් බලා, පිරිමි මෙන්ම ගැහැනුත් රස විදින්නාසේ…..

අකමැති දේ අත හැරියොත්..

ලස්සන දේ දකින

කැත දේ අත හරින

සුන්දර හිතක් ඔබට ලැබේවි…

(ඒක පස්සට විතරක් කරගෙන වැඩක් නෑ.. අපිට ඕනෙ නැති ඒව අමතක කරලා ලස්සන ටික අපේ කරගමු.. ජීවිතේටත් කරගමු. අනුන්ගෙ පස්සවල් රස කරල බලල වැඩක් නෑ දකින හැම එකේම ජීවිතේ කක්කි සුවදම හොයනවානම්. එහෙම මේ ලිපියේ කාට හරි බනියි කියල බලන්න ආපු කක්කි බබාල දැන් ලිපිය කියවන එක නවත්‍තමු.)

රියැලටි තරු බිහිකල සියලුම නාලිකා වලට හිස නමා උබලට ස්තුතියි කියන ගමන්…

අනාවැකියක් කියන්නම්….

මට අනුව ශිහාන් රියැලටි තරුවක් නෙවෙයි.

මගෙ ජීවිතේ දැක්ක සාර්තකම කලමනාකාරීත්වයක් ඇති…

තමන්ව රියැලටි තරුවක් කියන තැනින් එලියට අරන් ඇතැම් පිරිමින්ට ඉරිසියහිතෙන තැනට තම නම , පෙනුම, හැඩය, අදහස්

ගොඩ නගාගෙන..

සිරසට ස්තුති කර , නමුත් අද සිරසට එහා ගිය..අද සියලු නාලිකාවල රටේ ලෝකේ තමන්ගෙ නම නෙලා ගත්…

විශාල බෑරෑන්ඩ් එකක්..

මහා සන්නාමයක්…..

මම මෙහෙම කියන්නෙ සියලු රියැලටි තරු ආදරෙන් සිප ගනිමින්….

ශිහාන්ට පස්සෙ….

එහෙම මුලු ශ්‍රී ලාංකිකයන්ගෙ සන්නාමයක් වෙන්න….

පුලුවන් අංජලී හේරත් … ඔබට.

තරගය ඇතුලෙ තරග කරද්දි..

තමන්ට වඩා ප්‍රවීන අයගෙ ගීත ගැයුව හැමෝම.

අංජලී ඒ ගැයූ ගීයෙන් වැඩක් ගත්ත වගේම..

ඒ ගීත වලට ඇගේනුත් තල්ලුවක් දුන්න..

පිටුව පිරිමි හඩින් පෙරලූ, සංජීව් මල්ලි දුන්න රහ අඩු උන්නෑ..

පිටුව පෙරලුවට සීතා

අංජලී ගයද්දි…. ඒ ගීතය තව හැඩ උනා….

ඒ ගීතය ට ඕලාරික කමක් ආවා…

ඔබට ඔබේම පිටුව ඉක්මනින් පෙරලේවා….

මේ ලිපිය ඈ දකීවා…..

ආදරනීය අන්ජලී..

ආදරනීය දෝනියේ…

මේ ලිපිය ලියන්නෙ නුබේ රසිකයෙක්…

ඈත ගමේ කුබුර කෙත එක්ක හැප්පුන නුබේ නුබ සිංදු කියනකොට ඇස් වලින් කඩුලු විද්ද තාත්ත වගේ පොලොව එක්ක ඔට්ටු නොවුනට, දරුවො සිංදු කියද්දි අඩපු තාත්තෙක් හිටිය පුතෙක්..

නුබෙ අම්ම වගේම ගුරුවර අම්මෙක් ගෙ පුතෙක්….

මේ රටේ මිනිස්සු නිසා බත් ටික කාපු, ඔබේ පරපුරේ මාමෙක්….තාත්තෙක්…

ඉක්මනින්ම ඔබේ හඩට ගැලපෙන

ගීත ටිකක් හදා ගන්න…

ඔබ තරගය දින්නත් නැතත්,අනික් ඔක්කම හැදිල ඉවරයි නෙවෙයි..

නුබ හදාගෙන ඉවරයි.

දෙරන අමතක කරන්ත් එපා කවදාවත්.

දෙරනෙ පදිංචිව වෙන්නත් එපා…

දන ගහල දෙරන වේදිකාවට වැදලා…

තමන්ගෙ සින්දුවක් හදා ගෙන..

පියාබන්න දෙරනින් එහාට මුලු අහස පුරා…

හැම නාලිකාවක් උඩින්ම…

හැම ගුවන් විදුලියක් උඩින්ම…

හැම පපුවක් උඩින්ම…

ඔබේ නම ලියන්න..

කවදා හරි අපිනැති කාලෙක්..

හෙට බිහිවෙන්න ඉන්න පුංචි තරුවකට..

රියැලටි වේදිකාවකට නැගලා..

අංජලී හේරත් ගේම ගීත ගයන්න පුලුවන් කරොත්…..

අන්න එදාට ඔයා දැනගයි…

ඔයා රියැලටි තරුවකට එහා ගිය…

ලංකාවේ සංගීතයේ තවත් එක් කුමාර සන්නාමයක් කියල…

25 ඔයා දින්නත් දිනුම්

පැරදුනත් දිනුම්….

එහෙනම් ආදරනීය් හුරු බුහුටි දුවේ…

ආකර්ෂණීය රුවේ..

පියාබන්න…. මුලු අහසම ඔයාගෙ.

නුබ අනුන්ගෙ ගීත පිටකවරෙට ලියපු

තමන්ගේ ගීතවලින් පොත පෙරලන..

මේ රටේ ගීත සංන්නාමයක් වේවා…

ඔබ ගැන කලා කරුවෙක් අතින් ලියවෙන පලමු ලිපියද මෙය මා දන් නෑ..

නමුත් මෙය අන්තිම ලිපිය නොවන බව මන් දන්නවා …….

මගේ පරපුරේ , අපේ උන්ව අගයන්න

මට තව තව ලැබේවා…

ඒ මාගේ පැතුමයි.

මදු මාදව තරුවින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: