hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 27, පෙ.ව. 12:06



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මදුමාධව අරවින්දගේ සහ ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ පියා වුණ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වූ බව අපි ඔබට කිව්වා මතක ඇති.

ඔහුගේ අවසන් කැමැත්ත පරිදි ඔහුගේ දේහය එදාම වෛද්‍ය විද්‍යාලයකට භාර දුන්නා.

මධුමාධවගේ බිරිඳ එරන්දි කියන්නෙත් සමාජ මාධ්‍ය තුළ බොහෝම සක්‍රීය චරිතයක්.

ඇයත් විටින් විට යම් යම් පළකිරීම් සමාජ මාධ්‍ය තුළ සිදු කරනවා.

පසුගිය දවසක මධුමාදව ඔහුගේ උපන්දිනයත් සමරලා තිබුණා.

ඒ අතරතුර දී මධුමාදවගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ බිරිඳ එරන්දි සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

නිහැඩියාව බිදිමින් මගෙ හිත කියවමින්

කාත් කවුරුත්ම නැති මං වගෙ කෙනෙකුට වසන්තය එලඹුනෙ ගොඩක් ප්‍රමාද වෙලා.

මට නැතිව තිබුනෙ අම්ම තාත්තා විතරක්ම නෙමෙයි මට කවුරුත්ම හිටියෙ නැ.

ආපු අය ඇවිත් ගියෙ ගොඩක් දෙ අරන්.

මිතුරු වෙසින් ඇවිත් යද්දි මම ලතැවුනෙ මගෙන් ගත් දෙවල් වලටම නෙමෙයි එහෙම අය වෙනුවෙන් මගෙ මම මගෙ හිතෙ ඉඩක් වෙන් කල නිසා කාලය නිසා.

අවසානයෙ ඇත්තට මගෙ හිත පිරෙන්න මට ආදරය අරන් එයා ආවෙ හස්බන්ඩ් කෙනෙක් විතරක්වෙලා නෙමෙයි අම්මා තාත්තත් එයා මට දුන්න.

සහොදරයො ආදරය දුන්නද මම දන්නෙ නැ

එත් මගෙ වටෙ හිටි සහ ඉන්න අය මටත් මම එයාලත් හිත පිරෙන්න ආදරය බෙදුවා.

තනිකම කියන අකුරු හතර එක්ක ජිවත් වෙච්ච මම ජිවත් වුනා කියල දැනුන ජිවිතයක් මට ලැබුනා

එක් එ ආදරනියන් එකින් එක හෙලවෙද්දි හුලගට ගහගන යද්දි මම හැංගුනා මම නිහඩ වුනා මම ගොලු උනා මම තවමත් එහෙම සමුගැනිමකට ලැස්ති නැති නිසා එත් ජිවිතය එහෙමයි.

මගෙ නිහැඩියාවට මා විසින් සමු දිය යුතුයි!

මගෙ සිනහව මට වඩා වටින ඔහු වෙනුවෙන් මා සිනාසිය යුතුයි

මම ජිවිතයට මුහුන දිය යුතුමයි’ 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: