hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 11:17



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මධූ ඔහුගේ පුද්ගලික ජීවිතේ කළ කී දෑත් ඒ සමයේ සමාජ මාධ්‍ය තුළත් ආන්දෝලනයක් ඇති කළා.

ඒ වුණත්, පුරුද්දට නිතරම වාගේ ඔහු ඔහුගේ සියලු කෝන්තර සමාජ මාධ්‍යයේ සටහන් කරනවා.

මධූගේ වත්මන් බිරිඳ එරන්දි. බොහෝමයක් වෙලාවට මධූගේ ලස්සන සටහනකට යටින් එරන්දිත් නොවරදවා කුමක් හෝ ලියනවා.

මෑතක නිල්මිණි සහ මධූගේ විවාහ සංවත්සරය වෙනුවෙනුත් ඈ යමක් ලියා තිබුණා.

ඒ සටහන පහතින්,

‘Nilmini tennakoon අක්කේ අද ඔයාගෙත් මදු ගෙත් anniversary එක දවසක මෙහෙම සටහනක් මම ඔයා වෙනුවෙන් ලියා තබන්නම්.මම ඔයාට එක වරදක් කරා එ තමයි මදුට බැරි උන කාලයක එයා ඔයාල ලඟට එයි කියන බලාපොරොත්තුව ඔයාට අහිමි කලා. අක්කේ කාලයත් එක්ක අපිට අහිමි වෙච්ච දෙවල් කවදාවත් නැවත ලැබෙන්නේ නැ. ඔයාට මීට කාලයකට ඉහතදී ලැබෙයි කියල හිතුව දෙ දැන් ලැබුනට වටිනාකමකුත් නැ.එත් එ වටිනාකම තියෙන එක ජිවිතයක් ඔයා පරිස්සමින් පරිස්සම් කරනවා තවත් එක්කෙනෙක්ට අයිති එ කියන්නේ….. 1995 මැයි 5 ඔයාලගෙ ආදර කතාවේ ජිවමාන වස්තුව ඔය දෙන්න ගෙමයි.එ අයිතිය අදටත් එයා වෙන කාටවත් දිල නැ එක පොරොන්දුවක්.එක මගෙනුත් ඉල්ලපු ඉල්ලීමක්.එ තමයි එයා ස්වෙතා හැර වෙන දරුවකුට ස්වෙතගෙ තාත්තා තාත්තා වෙන්නෙ නැ කියන පොරොන්දුව අපි පිටින් කොච්චර අපිව පරිස්සම් කලත් අපි කාලයත් එක්ක දිරාගන යනවා මදුටත් ඔයාටත් මටත් අපි හැමෝටමත් එක අනිවාර්යයෙන් සිදු වෙනවා මෙ ටික කාලයකට මොන කොන්තරද මොන තරහක්ද මොන ලොබ කමක්ද අපි පිරිමහගන්න උත්සාහ කරන්නේ.’

‘අද ඔයා ළඟ ඉන්න පිරිස ඔයාගෙන් ඈත් වෙනවා.අපි වටා ඉන්න අයත් දවසක අපිව අතහරිනවා.ආදරණීය දොනි ස්වෙත ටත් දවසක එයාගෙ ලොකය හොයාගෙන පියඹන්න ඔයා ඉඩ දෙන්න වෙනවා.අන්න එදාට ඔයාත් තනිවෙනවා.දැන් හරිම කාලය වත්.හොඳම කාලය වත් නෙමෙයි.මඟ හැරැනු දෙවල් ලබා ගන්න.එත් ඔයාට පුළුවන් ස්වෙතට එයාගෙ තාත්තාව දෙන්න තවමත්.මට පුළුවන් ඔයාව සහොදරියක් වෙන්න.මදුට ඔයාට තවමත් පුළුවන් එක තැනක ඉඳගෙන කතා කරන්න ඔයාලට වැරදුණු තැන් එ වෙන දෙයක් නිසා නෙමෙයි තරහ වෙලා , වෛරය හිත දරන්, ලොබ කමකින්, අපහාස කරමින් ගෙවන ජිවිතය ඇතුළත කාටවත් කවදාවත් සැනසිම ලැබිල නැ අක්කා.වෙන් උන පවුල් ජිවිත තව දුරටත් පවුල් ජිවිතයක් ලෙස නොවුනත් දරුවන්ගේ දෙමාපියන් කියන හිතවත් කම් වල ජිවත් වෙන්න තවමත් ප්‍රමාද නැ.මමත් තාත්තා තෙනකු ගෙ ආදරය ඉතා කෙටි කාලයකදි අහිමි කර ගත්ත දුවක්.අදටත් අහස දිහා බලන් තාත්තා හොයන.ස්වෙතා එහෙම හොයන්නෙ නැ කියල කොහොම කියන්නද? මගේ ගෙදර ඔයා වෙනුවෙන් තේ කොප්පයක් හදන්න.ඔයාගෙ මතකයන් වලට රිදවන්නේ නැතිව හැසිරෙන්න.ඔයාගෙ ස්වෙතා ගෙ ආදරේට අයිතිවාසිකම් නොකියන්නත් පොරොන්දු වෙන්නම්.ඉන්න කල් ජිවත් වෙන්න ලස්සනට ගෙවල් දොරවල් හදා ගත්තට මෙ සිමෙන්ති ගොඩවල් අපි දෙන්නම ගෙනියන්නෙ නැ අක්කේ.අපේ ගෙදර මගෙ හිතේ ඔයාල වෙනුවෙන් ආදරණීය ඉඩක් තියෙනවා.’ 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: