hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:06



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

මධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා.

ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

නිල්මිණි තෙන්නකෝන්ගෙන් ඉවත්ව මේ වෙනකොට එරන්දි එන් සිරිවර්ධන සමග ජීවිතය ගෙනියනවා.

ඊයේ ඔවුන්ගේ විවාහ සංවත්සරයට වසර 08ක්.

ඒ වෙනුවෙන් මධුමාදව අරවින්ද, මුහුණු පොතට මේ වගේ සටහනක් එක් කර තිබුණා.

අදට අපිට අටයි.. මතක පපුවෙ නටයි.

මම වගේ නිහතමානී,

අහිංසක,

තැම්පත්,

ගුන ගරුක හබියෙක් ලබන්න ඇය ගොඩාක් වාසනාවන්ත බව බුකියේ ආදරනීය් ඔබ හැම දාම කිව්වා…. ටැන්කූ..ටැන්කූ..

“සීනි බනිස් ගෙ පිනට මදු මාදව වගේ රත්තරන් මනුස්සයෙක් ඇයට ලැබුනේ” බොහොමයක් ඔබ, ඉන් බොක්ස් එකේ මට එහෙම කිව්වම,

ඒත් මම ආදරනීය ඔබට කිව්ව…

එහෙම කියන්න එපා.ඇගේ හිත රිදෙයි..

“මම වාසනාවන්තයි සීනි බනිසි ලැබෙන්න” කියල ලියන්න කියල, මම ඔබ හමෝටම වැදල කිව්වා….

ආදරනීය ඔබ එහෙම ලිව්වා,

මම කියපු දේ ඇහුව..

මගේ ඉල්ලීම නිසා..

ඉතිං ඇයත් එහෙමහිතා ගෙන, මම අත්ත කතාව හන්ගගෙන….

අපි ඉතිං ආදරෙන් ඉන්නවා…

අපේ දේවලුත් ඔබ සමගබ බෙදාගෙන..

ඉටිං අපිට ආදරේ කරපු…

ඔබ සියල්ලමත් අපේ කතාවේ සාක්කිකරුවන්.

දවසක කොහෙදි හරි හමු වෙලා ඒ ආදරේ බෙදාගමු….

(එදාටත් ඇයට බොරුවට කියන්න”” මදු හරි වාසනාවන්තයි, ඔයා වගේ කෙනෙක් ලැබෙන්න'”කියලා ඇත්ත කතාව අපි නිහඩව දරා ගමු.. ඇයට නොකියා…

(අන්න ඒක තමා ආදරේ කියන්නෙ)…)

ඇත්තටම ජීවිතේ සමහර වසන්ත එන්නෙ

අන්තිමට….

විශ්වාස කරන්න ඒක…

හොදම උදා හරනෙ තමා සීනි බනිස්..

බලන්න ඈට හරිම කෙනා..

ලැබුන හැටි….

( වට පිට බලන්නෙ මොකෝ.. මේ මම .. මම. )

කුප්ප කතා ලිව්වොත් ඇනවසරි කියල බලන් නෑ බොක් කරල දානවා..

අපි දෙන්නා යාලු වෙලා

අදට වසර අටයි

සමහර මල් පිපුනෙ පොලොවෙ

වැටිල ඉන්නකොටයි…

මදු මාදව අටවින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: