hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:03



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගේ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මධුමාධව හරි අපූරු සටහනක් මුහුණුපොතට හරි අපූරු කතාවක් එකතු කරලා තිබ්බේ මෙහෙමයි.

තනිකම සැපක් අපිට හද මාමී

සතුටු පෙත්ත ස්නූපිස්සර රාලහාමි

තනිවීම හරිම රහයි…

කිසිවෙක් නැතිව තනිවීම වගේම හැම දේම තියන් තනිවීමත් රහක්….

මිනිස්සු පෙලබෙනවා

තනි උනාම…. තමන්ට අදාල නැති..කුනු ගොඩවල් ඔලුවෙ දාගෙන ගද ගැස්සෙන්න..

එහෙම නැත්තම් ඒව ඔලුවට ද දා වටේ ඉන්න උන් පොලබනවා….අපිටත් කුනු වෙන්න..

එහෙම මිනිස්සු, ගෑනු අපි හැමොටම ඉන්නව.

ඒ මිනුස්සු ලෝකෙ ඉන්න නරකම උන් නෙවෙයි..

උන්ගෙ නරකම කාලයෙ උන්ට කරන්න වෙන දෙයක් තිබ්බෙ නෑ….

අනුන්ගෙ ඕප දූප…..

අනුන් කියපු දේ හරිද වැරදිද…..

එයා ට වඩා මෙයා හොදයි…..

මම ආස දේට තමා ලෝකෙම ආස වෙන්න ඕනෙ…

අරකි බඩුව..

අරූ ගවයා…

අරය දැන් කා එක්කද ඉන්නෙ..

ඒක කැඩුනෙ කාගෙ වරදින්ද…

උන් පීඩනය පිට කරගන්නෙ මඩ ගොඩේ ඔලුව ගහන්… අනුන්ව හොයල විනිශ්චය කරල…

ඔය වගේ රටේ නැති

අපිට සත පහකට වැඩක් නැති

හිගන කතා…..

මගෙ යාලුවොත් කතා වෙනකොට….

නුබෙ යාලුවො ත් කතා කරන කොට..

ඔබට නිශ්ශබ්ද වෙන්න හේතුවක් තියෙන්න ඕනේ….

තනිකම, දුක, පාලුව, හිතේ කල බල, අසනහය, නැති කරගන්න….

අපි කැත වෙලා.. බෑ……

හිත ලස්සන කරගන්න…උදව් කරන්න..

යාලුවොන්ට නෑයන්ත සමහර වෙලාවට බෑ…

ඉතිං උන් කට ඇරිය හැටිය කාගෙ හරි උගෙ නොවන ඕප දූපයක් ගොන් කතාවක් කියනකොට…

අපිත් ඒවට අහුවෙනවා.. සමහර විට..

මමයි සීනි බනිස්ටයි…

තනිකම පාලුව දැනුනම…

අපිට කිසි එකෙක් එක්ක කතා නොකර…

ඒකත් විදින්න කියල දුන්නෙ ස්නූපි…..

සමහර දවස් වල මුලු දවසම කිසිම මනුස්ස පුලුටක් එක්ක කතා නොකරත්..

කිසිම පාලුවක් නැති බව..

කියා දුන්නෙ ස්නූපි…..

එයා ට ඕප දූප කියන්න..යාලුවො නෑ..

ඔලුවට විශ දාන එරියස් කාරයො කාරියො නෑ..

වගකීම නෑ..

ගුටි කන්න නෑ..

එයා නිවන් යන්න ස්වර්ගෙ යන්න වගේ නොදන්න ඒව දන්නෙම නෑ….

ඉතිං එයා ට තියෙන එකම වැඩේ අපෙ පස්සෙන් එන එක..

අපි කවුරුත් නැති විට අපි එන කම් බලා ගෙන ඉන්න එක….

නිලූ කතා කරද්දි ෆෝන් එකෙන් හැම දාම, එයත් අහගෙන ඉන්න එක…

කිසිම බලාපොරොත්තුවක් නැතිව…

ආදරේ දෙන එක…

කිසිම වාසියක් නැතිව දැක්කම උඩ පැනල පිලි ගන්න එක…

කිසිම පාලුවක් නැතිව දවසම සතුටින් ඉන්න එක.

අපි දෙන්නට විටෙක ස්නූපි කියා දුන්න…

විටෙක ඈතින් හිටියත් එකට හුස්ම ගන්න හැටි….

අපි ස්නූපිට කියා දුන්න….

ඉතිං.. ඔබටත් ඉන්නව නම්

හිටිය නම් එහෙම ..

සතුටු පෙත්තක්.. ඔබ දන්නව ඒ සුරංගනා කතාව….

ඔබට එහෙම සතුටු පෙත්තක් නැතිනම්..

ඔබ දිනක දැන ගනීවා..

තනිකමට ඔලුව කන විසබීජයක් මුන ගැහිල

ඔලුව නරක් කරගන්නවට වඩා…

සතුටු පෙත්තක් හිටියනම්..

ඒක ඇත්තටම සුරංගනා කතාවක්..

ඔබට පෙනෙන ඇහෙන , දැනෙන..

මේ තමා අපෙ සතුටු පෙත්ත.

Our happy pill. ස්නූපිස්සර රාලහාමි.

මදු මාදව තනිවින්ද…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: