hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 25, ප.ව. 1:50



මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්.

බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්.

දරුවන් දෙදෙනාගේ බාලයා ලෙස මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගලදී. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි. 

ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වූවා.

ඇය විද්‍යාලීය වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද හොඳින් රඟපෑම සිදුකර තිබෙනවා.

ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා . 

ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.

ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඒ වගේමයි පළමු වරට විවාහ වුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ.

මහේෂි සම්පත් එක්ක විවාහ වෙලා අවුරුදු 10ක් වෙනවා.

මේ සැමරුම තුළ ඒ කාරණයට වඩා තවත් සුවිශේෂී කාරණයක් තිබුණා.

ඒ තමයි ශ්‍රී ලංකන් ගුවන් සේව‍යේ කැපී පෙනෙන පුද්ගලයෙක් වුණු මහේෂිගේ සැමියා ශ්‍රී ලංකන් ගුවන් සේවයට සමුදීමත්, Emirates ගුවන් සේවය සමඟ අත්වැල් බැඳගැනීමත් කියන කාරණය.

ඒ අනුව Emirates 380 කපිතාන්වරයෙක් වශයෙන් තේරුණු පළවෙනි ශ්‍රී ලාංකිකයා වෙන්නෙත් මහේෂිගේ ආදරණීය සැමියා සම්පත්.

ඒ ගැන මහේෂි මෙලෙස සටහනක් තබා තිබුණා.

”ආයුබෝවන් ශ්‍රී ලංකන් ගුවන් සේවය අවුරුදු විස්සක් තිස්සේ මගේ ආදරණීය ස්වාමිපුරුෂයා හරිම ගෞරවයෙන් ආදරයෙන් රැකියාව කරපු තැන…

මේ ඔහුගේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අවසන් දවස…

Emirates 380 කපිතාන්වරයෙක් වශයෙන් තේරුණු පලවෙනි ශ්‍රී ලාංකිකයා ඔයා වීම ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු නිහතමානී ආඩම්බරයක් සහ සතුටක්….

ඔයාට සුභ පැතුම් මෙච්චර ලොකු ගමනක් ඔයාට යන්න පුළුවන් උනේ ඔයාගේ තියෙන හැකියාව දක්ෂකම නිහතමානී කම සහ රැකියාවට තියෙන ගෞරවය නිසා කියලා මම හිතනවා

ඒ තීරණය ගන්න හේතුව ඇත්තටම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වරදක් නෙමෙයි

අපි ලෝකෙ කොහේ හිටියත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගොඩක් ආදරෙයි…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: