hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 14, පෙ.ව. 12:00



හිරු ටීවී නාලිකාවේ විකාශය කෙරෙන අවුරුදු කුමරා වැඩසටහනක් විවේචනය කරමින් සිනමා නිළි මහේෂි මධුසංඛා පසුගිය දා අදහස් පළ කර තිබුණා.

එයින් පසු තමාට මරණ තර්ජන එල්ල වන බව ඇය පවසනවා.

අදාළ නාලිකාවේ හිමිකරුගේ බිරිඳ තමාට මරණ තර්ජන එල්ල කරන හඬ පට ඈ සතුව ඇති බව පවසන මහේෂි මේ වන විට ඒ සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් කියා සිටිනවා.

කෙසේවෙතත් ඇය විසින් සිදු කළ ප්‍රකාශයට අදාළ තරුණයා විසින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

මේ එම සම්පුර්ණ විඩියෝවයි,

අවුරුදු කුමාරයා තමන්ගේ මුහුණු පොතට මිට පෙර සටහනක් එකතු කරලා තිබුණේ පහත ආකාරයටයි.

“Hiru TV

Dance එක start කරපු වෙලාවේ ඉදලා song එක cut කර කර මොකක්ද ගත්ත ආතල් එක. ??? Video එක Edit කරලා Chater කරල දැම්මට Thanks Hiru Tv. Dance එකේ ආරම්භයේ ඉදන්ම chater කළේ Hiru එකම තමයි song එක cut කර කර. Hiru TV හිරු අවුරුදු කුමරා කුමරිය කියලා ලොකු competition එකක් open කරලා මේ විදිහට මන් ගන්න හදපු try එක විනාස කරලා දැම්මට Thank you . Unethical marketing නොකර ethical විදිහට marketing කළා නම් මට මීට වඩා හොද තැනකට එන්න තිබුනා. මට අසාධාරණයක් වුනා කියලා හිතලා මන් වෙනුවෙන් comment එකක් දාපු හැමෝටම Thank you. වැටෙන්න ඔනේ තැන්වල මම මීට වඩා පහලට වැටිලා තියෙනවා. මගේ ගමන මම කොහොමත් ඉස්සරහටම යනවා.”

ඔහුගේ අපහසුතාවය පිළිබඳව මුහුණු පොතට සටහනක් එකතු කරහම ඒ සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු මහේෂි මදුසංකා තමන්ගේ ගිණුමේ සටහනක් එකතු කරා.

“අහිංසක  මිනිස්සුන්ගේ බලාපොරොත්තු හීන විනාස කරන Hiru TVලැජ්ජායි කොච්චර හීන එක්කද මිනිස්සු ඔයාලා ලගට එන්නේ මේ ළමයි ලැජ්ජාව දරා ගන්න බැරුව ජිවිතේ නැති කර ගත්තොත් ඔයාලා වග කියනවද????මේ හේතු නිසා තමයි වැඩ කරන සේවකයෝ channel එක දාලා යන්නේ ‘





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: