hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 07, පෙ.ව. 12:00



මහේෂි මදුසංකා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක්.

ඇය සම්බන්ධයෙන් කතා කරද්දි ඇය මේ දවස්වල රංගන කටයුතුවලින් දකින්න වැඩිපුර අපිට හම්බවෙන්නේ නැහැ.

නමුත් ඇයව ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ස්වර්ණවාහිනී ආයතනයෙන් අපිට දකින්න අවස්ථාවක් උදාවෙලා තියෙනවා.

වැඩිපුර කලා කටයුතුත් එක්ක එකතු වෙලා හිටපු නැති මහේශී මේ වෙද්දී සූදානම් වෙන්නේ ආදරණීය සැමියා සමග විදෙස්ගත වෙන්න.

මහේශිගේ සැමියා මේ වෙද්දී විදෙස්ගත වෙලා ගුවන් නියමුවරයෙක් විදිහට වැඩ කටයුතු කරනවා.

ඒ සියලු දේවල් එක්ක තවටත් කලා කටයුතුත් එක්ක නිරත වෙලා ඉන්න මහේශී පසුගිය දවසක ප්‍රසිද්ධ නාලිකාවක් වන හිරු නාලිකාව පිළිබඳව දැඩි ලෙස විවේචනයක් සිදු කළා.

ඒකට හේතුව හිරුනාලිකාව අවුරුදු කුමර කුමරි වැඩසටහන්වල හරියට නටන්න බැරි හරියට ඉදිරිපත් කිරීම් කරන්න බැරි ළමයින්ගෙ වීඩියෝ එඩිට් කරලා තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා.

ඒනිසාම අවුරුදු කුමාරයෝ කුමාරියෝ වෙන්න හීන දැකපු ගොඩක් දෙනෙක්ගේ හීන බොඳ වෙන්න පටන් ගත්තා.

ඒ මිනිස්සු සමාජය ඉස්සරහ විහිළුවක් උනා.ඒ අතරතුරදී එක්තරා පිරිමි ළමයෙක් විනිශ්ච මණ්ඩලය ඉස්සරහ නටන්න යන අවස්ථාවකදී ඔහුට හරියට නටන්න බැරි වෙනවා.

ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගන්නා හිරුටීවී ඔහුගේ වීඩියෝ දර්ශනය එඩිට් කරලා සමාජ ගිණුමට එකතු කරනවා.

ඉතින් මේක බොහෝම සංවේදීව දැකපූ මේ අවුරුදු කුමාරයා තමන්ගේ මුහුණු පොතට ඉතාමත් සංවේදී සටහනක් එකතු කරලා තිබුණේ පහත ආකාරයටයි.

“Hiru TV

Dance එක start කරපු වෙලාවේ ඉදලා song එක cut කර කර මොකක්ද ගත්ත ආතල් එක. ??? Video එක Edit කරලා Chater කරල දැම්මට Thanks Hiru Tv. Dance එකේ ආරම්භයේ ඉදන්ම chater කළේ Hiru එකම තමයි song එක cut කර කර. Hiru TV හිරු අවුරුදු කුමරා කුමරිය කියලා ලොකු competition එකක් open කරලා මේ විදිහට මන් ගන්න හදපු try එක විනාස කරලා දැම්මට Thank you . Unethical marketing නොකර ethical විදිහට marketing කළා නම් මට මීට වඩා හොද තැනකට එන්න තිබුනා. මට අසාධාරණයක් වුනා කියලා හිතලා මන් වෙනුවෙන් comment එකක් දාපු හැමෝටම Thank you. වැටෙන්න ඔනේ තැන්වල මම මීට වඩා පහලට වැටිලා තියෙනවා. මගේ ගමන මම කොහොමත් ඉස්සරහටම යනවා.”

ඔහුගේ අපහසුතාවය පිළිබඳව මුහුණු පොතට සටහනක් එකතු කරහම ඒ සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු මහේෂි මදුසංකා තමන්ගේ ගිණුමේ සටහනක් එකතු කරා.

“අහිංසක  මිනිස්සුන්ගේ බලාපොරොත්තු හීන විනාස කරන Hiru TVලැජ්ජායි කොච්චර හීන එක්කද මිනිස්සු ඔයාලා ලගට එන්නේ මේ ළමයි ලැජ්ජාව දරා ගන්න බැරුව ජිවිතේ නැති කර ගත්තොත් ඔයාලා වග කියනවද????මේ හේතු නිසා තමයි වැඩ කරන සේවකයෝ channel එක දාලා යන්නේ ‘

ඇය ඒ ආකාරයේ සටහනක් එකතු කරපු අතර නැවත වතාවක් ඇය වීඩියෝ එකක් කරමින් හිරු ටීවී ආයතනයට මෙවැනි දේ කරන්න එපා කියන ඇඩ්වයිස් එක දෙන්න අමතක කළේ නැහැ.ඇය පුන පුනා කිව්වේ මනුස්සයින්ට බලන්න බැරි වැඩසටහන් ඉදිරිපත් කරන මනුස්සයින්ගේ පෞද්ගලික තරහා පිරිමහන චැනල් එකක් විදිහට ඉදිරියට යන්න එපා කියලයි.ඒ වගේම සමහර නළු නිළියන් තමන්ට ලැබෙන ආදායම නිසා මේ සම්බන්ධයෙන් කතා කරන්න බය වුණාට ඇය නම් කිසිසේත් ඒ සම්බන්ධයෙන් බය නෑ කියලා තමයි අවසානයේ සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: