hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 25, පෙ.ව. 12:00



මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්.

බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්.

දරුවන් දෙදෙනාගේ බාලයා ලෙස මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගලදී. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි. 

ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වූවා.

ඇය විද්‍යාලීය වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද හොඳින් රඟපෑම සිදුකර තිබෙනවා.

ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා . 

ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.

ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඒ වගේමයි පළමු වරට විවාහ වුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ.

පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් මහේෂි මෙසේ සඳහන් කර තිබෙනවා.

ඕනෑම ජනප්‍රිය චරිතයකට කටකතා කියන්නෙ පොදු කාරණයක්. මහේෂිටත් ඒක එහෙමම තමයි…

”මට හැදුණු එකම කටකතාව රංජන් රාමනායක එක්ක තමයි. අපි දෙන්නා එක ෆිල්ම් එකක පෙම්වතුන්, ඒ කාලේ අපි යාළු වෙලා කියලා ගියා. මට වඩා අවුරුදු 25ක් විතර රංජන් අයියා වැඩිමහල් ඇති. එයා හරිම ආදරණීය විහිළු කරගෙන ඉන්න කෙනෙක්. දැන් මට වඩා මගේ සැමියා රංජන් අයියා එක්ක හිතවත්. මට කටකතා හැදෙන්නෙ නැති තරම්. එහෙම හැදුණත් සම්පත් ගණන් ගන්නෙ නැහැ. එයා ඇත්ත දන්න නිසා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: