hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 20, ප.ව. 6:43



නිමා වුණු ආසියානු කුසලාන තරඟාවලියත් එක්ක මෙරට ක්‍රිකට් ගැනත් කණ්ඩායමේ නායකත්වය ගැනත් සෑහෙන්න මතභේද සහ කතාබහක් ඇති වෙමින් පවතින කාලයක් මේ.

ඒ අතර අහන්න ලැබුණු නවතම ආරංචිය තමයි මේ වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළි දසුන් ශානකටම පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුව පියවර ගත් බව.

මේ විදියට දස්සා ගැන විවිධ කතාබස් පැතිර යන අතරෙ ක්‍රිකට් උණුසුම වැඩියෙන්ම දකින්න ලැබෙන සමාජ මාධ්‍ය තුළත් ඔහු ගැන තබන ලද සටහන් අපේ ඇස ගැටුණා.

එවන් සටහන් අතර ලසිත් මාලිංග තැබූ සටහනකි මේ….

”දසුන් ශානක, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වගකීම ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩා ලෝලීන්ට දුෂ්කර කාල පරිච්ඡේදයකදී භාරගත් අතර,

ඔහුගේ සන්සුන් හා සාමූහික ප්‍රවේශය සමඟ ජාතික පැත්තට ස්ථාවරත්වය සහ ගෞරවය ගෙන ඒමට සමත් වුණා.

ආසියානු කුසලානය ඇතුළු විශිෂ්ට නායකත්ව වාර්තාවක් සමඟින්,

විරුද්ධවාදිකම් නොතකා එක්දින වාර්තාගත ජයග්‍රහණ මාලාවක් සමඟින්,

2023 CWC සඳහා ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වනු ඇතැයි මා ඇතුළු සියලු දෙනාම අපේක්ෂා කළා.

තීරණයක් ගැනීමට පෙර පාර්ශවකරුවන් මේ සියල්ල සැලකිල්ලට ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

සාර්ථක WC සඳහා මම Dassa සහ කණ්ඩායමට සහාය දෙමි..”

ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: