hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:23



“මතක මන්දිර තනා

කීව ඒ රස කතා

පන්තියේ පෙම නිසා

තාම මං තනිවෙලා

දෙතොල් සිප කිවු කතා

ආදරෙන් මා බදා

වෙනස් වී නෑ ඔයා

මමයි ඔබේ චංචලා….”

ඔය සිංදුව එක්ක ඒ කාලේ අපිට තිබුණු දැවෙන ප්‍රශ්නයක් තමයි ”මලිත්ට ගහද්දි ඇයි චංචලා ඇඬුවෙ” කියන එක.

අදටත් ඒක නම් ප්‍රශ්නයක් !

ඔන්න ඔය ප්‍රශ්නෙට චංචලා නමින් අදටත් ජනප්‍රිය, රංගන ශිල්පිනි උපේක්ෂා ස්වර්ණමාලි මේ ළඟදි දවසක උත්තරයක් දීලා තිබුණා.

ඒ ප්‍රශ්නෙට විතරක් නෙවෙයි, මලිත් ගැන චංචලාට තිබුණු අදහස ගැනත් ඇය දොඩමළු වෙලා තිබුණා.

මලිත්ට ගහනකොට චංචලා ඇඬුවෙ ඇයි ? අදටත් ප්‍රශ්නයක්නෙ ඒක…

” ඒක ඉරාජ්ගෙ මොකක් හරි රහසක්.. එයානෙ ඔය සිංදුව හැදුවේ. ඉතින් කැමති උත්තරයක් දාගන්න කියලා තමයි මට කියන්න තියෙන්නෙ. එදා මම හිතන්නෙ මම බොරුවට ඇඬුවා….මොකද මලිත්ට ආදරෙයි කියලා පෙන්නන්න ඕනිනෙ, බොරුවට….ඒ නිසා බොරුවට ඇඬුවා…”

එහෙම බොරුවට ඇඬුව, එවකට යොවුන් නිළියක් වුණු උපේක්ෂාට මලිත් ගැන ඇත්තටම හිතක් පහළ වුණාද නැද්ද…

සිංදුවත් එක්ක රසික රසිකාවියන් නම් මලිත් – චංචලා ආදර කතාවට සෑහෙන්න ඇබ්බැහි වෙලානෙ උන්නෙ..

”ඇත්ත කතාව තමයි හිත ගියා. සුපර් ස්ටාර්නෙ ඒ කාලේ.. මම එස්එම්එස් කළෙත් මලිත්ට… ඇත්තටම පළවෙනි දවසෙ ලයිව් දැක්ක වෙලාවෙ මම කොච්චර ලැජ්ජා වුණාද කිව්වොත් ගිහින් හැංගිලා එයා දිහා බලන් හිටියෙ. මගෙ පළවෙනි අවුරුද්ද රඟපාන්න ආව… මම ආධුනිකයි එතකොට…, ඊට පස්සෙ මලිත් ඇක්සිඩන්ට් වුණා. ඒත් එක්ක දුක හිතෙන හැඟීමක් ඇති වුණේ….ඊට පස්සෙ මලිත් රට ගියා… දැන් යෝධයෙක් වගේ ඉන්නවත් එක්ක…අවසාන වතාවට ලංකාවට ඇවිත් ගියාට පස්සෙ,අනේ ඉතින් මලිත් තවත් පොඩි කොල්ලෙක්නෙ වගේ හැඟීමකුත් ආවා…ඒ කාලේ හැඟීම නෙවෙයි දැන් තියෙන්නෙ… වෙනස් වෙලා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: