hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, ප.ව. 6:51



ඕනෑම සිදුවීමකට දක්වන ප්‍රතිචාරය මත සෑහෙන දුරට අනෙකාට අපි ගැන කියවාගන්න පුළුවන්.

සමහර සිදුවීම් තියෙනවා ඒවට සන්සුන්ව ප්‍රතිචාර දක්වන්න බෑ කොහෙත්ම.

නමුත් එහෙම තැනකදිත් අපිට පුළුවන් නම් සන්සුන්ව ප්‍රතිචාර දක්වන්න, ඒ දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ට අපි ගැන මැවෙන රූපය ඉතාමත් පැහැදිලි එකක්.

හිතන්නකො ඔයා ආසාවෙන් ගත්ත නවීනතම මෝටර් රථයෙ, අපරික්ෂාකාරීව ආව තවත් රථයක් ගැටෙනවා කියලා.

එහෙම වුණොත් ඔයා මොකද කරන්නෙ…

සරලයි, කේන්තිය තමයි ඉස්සර වෙන්නෙ මුලින්ම. එහෙම නේද…

නමුත් මේ කතාව කියවලා බලන්නකො පොඩ්ඩක්…

”මේ ඉන්නෙ සරත් හේවාවිතාරණ මහත්තයා.

අපි ගිය ලොරිය පාරට රිවස් කරනකොට මේ මහත්තයගෙ නවීනතම මෝටර් රතයේ වැදුනා.

පිටිපස්සෙ දොරට හොදටම අලාභහානි වෙලා. ලොරියක් හින්ද අපිට අලොකු අලාබයක් නෑ.

වැරද්ද අපේ කියල හොදටම දන්නව. සිනාමුසු මුහුනින් බැහැල ඇවිල්ල දැක්කෙ නෑ නේද කියල ඇහුව.

අදාල රක්ශන සමාගමට කතා කෙරුව විනාඩි විස්සක් විතර යනකොට රක්ශන සමාගමේ නියෝජිතයෙක් ආව කොල දෙකක් දුන්න ඒක පිරෙව්ව වැඩේ ඉවරයි.

අපි ගාවට ආව ආයෙ ගන්නකොට කල්පනාවෙන් කිව්වා ගියා.

අපි පොඩි මිනිස්සුනේ. මට හිතාගන්න බැරිව ගියා ඒ මහත්තයගෙ මනුස්සකම ගැන.

ඒ මහත්තයාව හදපු වඩපු දෙමාපියන්ට හිතින් පින් දුන්න..

ඒ මේ වගේ ගුණ යහපත් මිනිසෙක් මේ සමාජයට දායාද කලාට.

මේවගේ මිනිස්සු මේ සමාජය ඇතුලෙ ඉන්නවා කියල දැනුනම පුංචි සතුටක් දැනුන.

කවදාවත්ම නොදැකපු ඔබට බුදු සරණයි මහත්තයා..”

Monara
ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: