hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 09, පෙ.ව. 12:04



රියලිටි වේදිකාව හරහා ආදරය ආකර්ෂණය දිනාගෙන අද වන විට එලිමහල් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි චරිතයක් බවට පත්වුණු පුද්ගලයෙක් තමයි මනේජ් සංජය කියන්නේ.මනේජ් ගැන කතා කරද්දි ඔහු පුංචි කාලෙ ඉඳන්ම සිංදු කියන්න ආස කරපු කෙනෙක්.

ඒ වගේම ඔහු විවිධ රියලිටි වැඩසටහන් වලටත් සම්බන්ධ වෙලා තියෙනවා.නමුත් ජීවිතය ඔහු දිනන්නේ ඔහොම හොයාගත්ත අරමුණු වලට ගිහින්.අද වෙද්දි මනේජ් කියන්නේ ලංකාවේ ජනප්‍රියම ගායන ශිල්පීන් අතර ජනප්‍රියම නිර්මාණ කරපු කලාකරුවෙක් කියන්නත් බොහෝ දෙනෙක් දන්නවා.

ඔහු අද මේ ඉන්න තැනට එන්න පුංචි කාලෙ ඉඳන්ම අතහිත දීපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතරින් කවුරුත් නොදන්න සුවිශේෂී කලාකරුවෙකුත් ඉන්නවා. ඔහු තමයි රොෂාන් ප්‍රනාන්දු.ඉතින් රොෂාන් ප්‍රනාන්දුගෙන් ක්ෂේත්‍රයට එන්න මනේජ් ලබපු පන්නරය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“ඒ කාලේ මම ගායන තරගවලට එහෙම ඉදිරිපත් වෙනවා. මම ඒ දවස්වල හර්ෂණ දිසානායකගෙ ගීත එහෙම ගායනා කරනවා. දවසක් ගමේ සංගීත සංදර්ශනයක් තිබුණා. එදා මම ඉරෙන් හඳෙන් ගීතය තමයි ගායනා කළේ. එහිදී රොෂාන් අයියා මට එක ගීයක් ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නා. එතකොට මට අවුරුදු 10යි. මම ඒ ගීතය ගායනා කරලා වේදිකාවෙන් බැහැලා ගියා. මම බැහැලා ගියාට පසුව රොෂාන් අයියා මට වේදිකාවට කතා කළා. රොෂාන් අයියා එදා කිව්වා මේ දරුවා කවදාහරි දවසක හොඳ ගායකයෙක් වෙයි කියලා. රොෂාන් අයියා එදාම කිව්වා අපිත් කවදහරි දවසක අපේ සපෝට් එකත් මේ දරුවට දෙනවා කියලා. එදා රොෂාන් අයියා ලියුම් කවරයක දාලා සල්ලිත් දුන්නා. ඒක තමයි මට ජීවිතයේ ලැබුණු පළමු පන්නරය. ඒ පන්නරය මගේ සංගීත ගමන ආරම්භ කරන්න විශාල දිරියක් වුණා. ඒක මට සදාකල් අමරණීය මතකයක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: