hit counter

2024 මැයි මස 19 වන ඉරිදා

2024 මැයි 08, පෙ.ව. 12:02



ඔස්ට්‍රේලියාවේ ඉවුම් පිහුම් තරගයක් වන “MasterChef Australia” හිදී අපේ කිරිබතේ රස ලොවටම කියා දුන් සවේන්ද්‍රි පෙරේරා හැමෝටම මතක ඇති.

එහිදී සවින්ද්‍රිගේ කිරීබතට ඕස්ට්‍රේලියාවෙන් පැසිසුම් ලැබුණා.

අපේකමට මුල්තැන දුන් ඒ ආහාර වේල ඔවුන්ගේ දිව පිනා යන කෑමවේලක් බවට පත් වුණ නිසා එය ලෝකයේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වුණ කාරණයක් වුණා.

ඒ වගේම ශ්‍රී ලාංකේය ද්‍රවිඩ ගෘහ ආහාර වේලක් ප්‍රදර්ශනය කරමින් පර්ත්හි Darrsh Clarke සිය ශ්‍රී ලාංකීය උරුමය ලොවට ප්‍රදර්ශණය කර තිබෙනවා.

බාස්මතී සහල් සහ යෝගට් රයිටා සමඟ බටු/වම්බටු ව්‍යංජනයක් පිරිනැමීමෙන් Darrsh මේ විදියට ශ්‍රී ලාංකීය උරුමය ප්‍රදර්ශනය කර තිබුණා.

ඔහු මීට පෙර කිසි දිනෙක ශ්‍රී ලංකා ආහාර ඉදිරිපත් නොකළේ මන්දැයි විනිසුරුවරුන් විසින් විමසූ විට, දර්ශ් හෙළි කළේ තමන් වැඩෙන විට ඔහු තමාගේ ශ්‍රී ලාංකීය උරුමය ප්‍රතික්ෂේප කළ බවයි.

එහිදී ඔහුව දිරිගන්වමින් විනිසුරු Poh Ling Yeow පැවසුවේ MasterChef Australia යනු බොහෝ දෙනෙකුට ඇය පෞද්ගලිකව අත්විඳින ලද ඔවුන්ගේ උරුමය නැවත ලබා ගැනීමට උපකාර වන විස්මිත තෑග්ගක් බවයි.

ශ්‍රී ලාංකේය ආහාර ජාත්‍යන්තර තලයට ගෙන යමින් ‘MasterChef Australia’ හි මෙම වාරයට සහභාගී වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙවන පුද්ගලයා ඔහු වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: