hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 12, පෙ.ව. 10:59



ආර්ථික අර්බුදයත් සමග ඇති වූ ඉන්ධන ගැටලුව හමුවේ පාසල් නිවාඩු දී තිබියදී මාතර අධ්‍යාපන කලාපයේ නව ජාතික පාසලක් ලෙස නිර්දේශිත දික්වැල්ල රදම්පල ශ්‍රී සුමංගල විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුභවතුන් නිවාඩු ලබා නොගෙන පාසල් ළමුන්ට අධ්‍යාපනය ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

පාසල් නිවාඩු දුන්නද අධ්‍යාපනයට සිදුවන බාධාව අවම කර ගැනීම සඳහා විද්‍යාලයේ 7, 8, 10 සහ 11 ශ්‍රේණි වල සිසු සිසුවියන් පාසලට කැදවා එක් පංතියක් සදහා පැය දෙකහමාරක කාලජේදයක් බැගින් දවසකට කාලජේද දෙකක් ඉගැන්වීම් කටයුතු කරමින් පන්ති පැවැත්වෙන බවත් පාසල පවත්වන සාමාන්‍ය දිනයක මෙන් උදෑසන 7.30ට පාසල ආරම්භ කර මුල් කාලජේදය උගන්වා විනාඩි 30ක විවේකයක් දී දෙවැනි කාලජේදය පස්වරු 1.30 දක්වා පවත්වන බවත් විදුහල්පති විමල් කෝට්ටෙගොඩ මහතා පවසයි.

වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා පාසල ආසන්නයේ ගුරුභවතුන් මෙන්ම දුර බැහැර සිට පැමිණෙන ගුරුභවතුන් ද සහභාගී වන බවද පැවසූ විදුහල්පතිවරයා දුර බැහැර සිටියද ගොඩඋඩ ප්‍රදේශයේ සිට තමන්ද දිනපතා පාසලට පැමිණෙන බවද සදහන් කළා.