hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 15, පෙ.ව. 12:04



පුතා රට යවන්න මූලිකත්වය ගත්තේ මම වියදම් දැරුවේ මම. සැමියාගෙන් වෙන්වුණු මේදා කියන කතාව
කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්  ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මේදා ජයරත්න කියන්නේ.

ඇය කාලෙන් කාලෙට විවිධ චරිතත් එක්ක පුංචිරේ ගනුදෙනු කළ රංගන ශිල්පිනියක්.

හැබැයි කලකට කලින් නම් මේදා සමාජ මාධ්‍ය මාධ්‍ය වලින් ඈත් වෙලා ටිකක් නිහඬ ජීවිතයක් ගත කළා.

හැබැයි නිතරම මේ වෙද්දී සමාජ මාධ්‍ය භාවිතා කරන ඇය අද වනවිට සමාජය තුළ ප්‍රසිද්ධ චරිතයක් බවටත් පත්වෙලා කලාවත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යනවා.

පසුගිය දවසක ඇය ටෙලි නිර්මාණ කීපයකටත් එකතු වෙලා වැඩ කටයුතු කරලා තියෙනවා.

හැබැයි ඇය තෝරා බේරාගත්තු චරිත විතරයි කරන්නේ.

ඒ වගේම මේදගේ කලින් සැමියා දක්ෂ අධ්‍යක්ෂවරයෙක්.

හැබැයි මේ දෙන්නා දැන් නම් වෙන් වෙලා තමයි ජීවත් වෙන්නේ.

මේ විවාහයෙන් ඇයට ආදරණීය දරුවන් දෙන්නෙක් ඉන්නවා.

ඒ නිසාම දරුවන්ගෙන් වෙන්වෙලා වගකීම් වලින් ඉවත් වුණු අම්මා කෙනෙක් විදිහට හැසිරෙනවද කියලා අහපු අවස්ථාවකදී මේදා ඒ සම්බන්ධයෙන් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“කොහෙත්ම නැහැ. පුතාව විදේශීය රටක ඉගෙන ගන්න මූලිකත්වය ගත්තේ මම. වියදම් දැරුවේ මම. දැන් පුතාගේ සියලු වියදම් කරන්නේ එයාගේ අප්පච්චි. මම දුව ගැනත් බලනවා. මම වගකීම්වලින් ඈත් වෙලා නැහැ , එයාලගේ අප්පච්චිට තනියම දේවල් කරන්න බැහැ. අපි දෙන්නා දරුවන් වෙනුවෙන් ඉන්නවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: