hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 30, පෙ.ව. 12:02



‘2024 Mr. World’ තරගා­ව­ලි­යට සහ­භාගී වී ලෝකයේ කඩ­ව­සම් තරු­ණ­යන් අත­රින් අව­සන් දස­දෙනා (Top 10) අත­රට තේරී පත් වූ මේඝ සූරි­ය­ආරච්චි හට මේ වන විටත් Hollywood ඇරයුම් ලැබී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාවේ පැවති ‘Mr. Sri Lanka’ තර­ගා­ව­ලි­යේදී මෙරට කඩ­ව­සම්ම තරු­ණයා ලෙස තේරී­පත් වූ මේඝ සූරි­ය­ආ­රච්චි මෙවර මිස්ටර් වර්ල්ඩ් තර­ගා­ව­ලි­යට ඉදි­රි­පත් වුණා.

අනතුරුව 11 වැනි සංස්කරණය ලෙසින් වියට්නාමයේ පසුගියදා පැවති මෙවර ‘2024 Mr. World’ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ, මේඝ සූරියආරච්චි සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක්ම අත්පත් කරගැනීමට සමත්වීමද විශේෂත්වයක්.

‘2024 Mr. World’ තරඟාවලියට එක්වීමෙන් අනතුරුව පසුගිය 26 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළින් දිවයිනට පැමිණි මේඝව ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබුණා.

එම තර­ගා­ව­ලි­යේදී අව­සන් දස­දෙනා අත­රට තේරී පත්වීම, ශ්‍රී ලංකාව මෙවැනි තර­ගා­ව­ලි­ය­කදී ජාත්‍ය­න්තර වශ­යෙන් ලබා ගත් ප්‍රථම ජය­ග්‍ර­හ­ණය බවයි කටුනායක ගුවන්තොටුපොළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේඝ සූරි­ය­ආරච්චි කටු­නා­යක ප්‍රකාශ කළේ.

මීට අම­ත­රව මෙම තර­ගා­ව­ලි­යේදී හොඳම ඇඳුම් නිර්මා­ණ­යට හිමි සම්මා­න­යත්, තර­ගා­ව­ලියේ වැඩිම ප්‍රේක්ෂක ප්‍රසා­දය හිමි­කර ගත් තරු­ණ­යාට හිමි සම්මා­න­යත් දිනා ගත් මේඝ සූරි­ය­ආ­රච්චි ආසි­යාවේ කඩ­ව­සම් තරු­ණ­යන් අත­රින් දෙවන ස්ථානය දිනා ගැනී­මට ද සමත් වී තිබුණා.

කොළඹ ඩී. එස්. සේනානයක විදුහලේ හා කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ඔහු නළුවෙක් හා සිනමා අධ්‍යක්ෂකවරයෙක් ද වනවා.

මේ දිනවල තිරගත වන මන්දාරා සිනමා පටයේ ප්‍රධාන නළුවා වන්නේ ද ඔහුයි.

දේවි කුසුමාසන, කලර් පෙන්සිල්, සූරිය සුළග ඔහුගේ තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයක්.

”Marine Drive ” සිනමාපටයේ නිර්මාණකරුවා වන්නේද මේඝ සූරියආරච්චියි.

(උපුටා ගැනීමකි)

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: