hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 22, ප.ව. 12:40



මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්.

ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා.

ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා.

මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා.

ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි.

ඉතින් මේ කැදැල්ලට පුංචි සුරංගනාවියක් එකතු වුනා.

ඇය තමයි මෙයිලි නිචෝලා රාජපක්ෂ.

හරිම හුරුබුහුටි ලස්සන දියණියක් තමයි ඇය.

මේ සුන්දර දියණිය උපත ලැබුවාට පස්සේ ටික කාලයක් ගිහාම නෙහාරා නැවත වතාවක් දෙවැනි මව් පදවියට සූදානම් වෙනවා කියලා ආරංචි වෙනවා.

කෙසේ නමුත් පළමු දරු උපත ඒ කියන්නේ ආදරණීය දියණියගේ දරු උපත සම්බන්ධයෙන් සොදුරු මතක රැසක් ම නෙහාරා සතුයි.

අතින් ඇය එක්තරා සිදුවීමක් පිළිබඳව මතකය ආවර්ජනය කළේ මේ විදියටයි.

මම pregnet වුණා. ඊට පස්සේ මාස 5කින් විතර ජෙන්ඩර් එක කියනවා. Gender review එකක් කරන්නත් වුවමනාව තිබුණා. මගේ මල්ලි බිරිඳයි ඒ වෙද්දී ලංකාවේ හිටියේ නෑ මේනකගේ අක්කා ලංකාවෙ හිටියා. ඉතිං අපි අක්කට දීලා එක කරන්න හිතුවා. එවැනි අපි ඩොක්ටර් කිව්වා doctor දුවෙක්ද පුතෙක්ද කියලා කියන්න එපා අපිට  ලියලා දෙන්න කියලා.ඉතිං ඩොක්ටත් ලස්සනට ඒක ලියුම් කවරෙක දාලා දුන්නා.

පල්ලෙහාට යන කොට ඔය ලියුම් කවරෙ අරින්න අරින්න අරින්න කියලා මේනක කියනවා.  එහෙම ඇරියා නං අක්කට්ග් dissapoint වෙනවා. ඒගොල්ලොත් ආසාවෙන් බලන් ඉන්නේ. මෙයාට ඉන්නම බැරි තැන එයා ලියුම් කවර ඇදලා බැලුවා. ඊට පස්සේ ඉතිං මටත් බලන් නැතුව ඉන්න බැරුව ගියා. අන්තිමට review කරේ අපි දෙන්නම තමයි.”