hit counter

2026 අගෝස්‍තු මස 21 වන සිකුරාදා

2026 අගෝස්‍තු 21, පෙ.ව. 11:35



දේශයම ගායනයෙන් ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත විය .

මෙම පුවත බොහෝ දෙනාගේ හද සසල කරවන පුවතක් බවට පත්විය ඇය මියයන විට 82 හැවිරිදි වියේ පසු විය. පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බවයි.

ඇය ගැන බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ කතා කරන්නට පටන් ගන්නා ලදි.

ඇය ගැන සදහන් කිරීමේදී 1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළ අයෙකි 

කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ “ළමා මණ්ඩපය” වෙත හඳුන්වා දුන් අතර එහිදී ඇය ගායනා කළ “බුදු සාදු” ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර කිරීමට සමත් ව ඇත

1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වශයෙන් සැලකෙන “රන්මුතු දූව” චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සිදුකළ අතර එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව ලැබුණි.

ඒ අනුව ඇය සිය පළමු චිත්‍රපට ගීතය වශයෙන් “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත් වූ අතර පසුව පණ්ඩිත් අමරදේවයන්ගේ “මධුවන්ති” වැනි ජනප්‍රිය සංගීත වැඩසටහන් සඳහාද ඇය සහභාගී විය.

ඒ අනුව “සන්නාලියනේ” සහ “රන් දහදිය බින්දු බින්දු” ඇතුළු ගීත හරහා සිය ගායන හැකියාව තවදුරටත් ඇය ප්‍රකට කිරීමට සමත් විය.

එමෙන්ම නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවිය තුළ “පෙරදා මහ රෑ”, “පහන් කන්ද”, “සත්‍යයේ ගීතය”, “පවන ගී එකතුව”, “හේමන්තයේදී”, “තාරුකා ඇස්”, “පාවෙනා”, “සින්දු හෝඩිය”, “කිඳුරියකගේ විලාපය”, “මඳු බඳුන්”, “හඳහාමි”, “සංඛ පද්ම”, “පෙම්බර ලංකා”, “ග්‍රැමෆෝන් ගී”, “අරලිය ලන්දට”, “නිලම්බරේ” සහ “පිරිත් පැන්” ඇතුළු නිර්මාණ රැසක් බිහි වූ අතර ආදර ගීතවලින් ඔබ්බට ගිය ඇය ආගමික ගීත, ළමා ගීත සහ සමාජීය අර්ථයක් සහිත ගීත රැසක්ද මෙරට රසික ජනතාව වෙත දායාද කර ඇත.

“දන්නෝ බුදුන්ගේ” වැනි ගීත ඔස්සේ ඇයගේ ගායන හැකියාවට සුවිශේෂී පිළිගැනීමක් හිමිවූ අතර, 1990 වසරේ නිර්මාණය කළ “සින්දු හෝඩිය” ගීත ඇල්බමය කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් ලෙස පිළිගැනේ.

මෙසේ දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

මෙලෙස තම ගායනය හේතුවෙන් මුළු මහත් රටක ජනාදරයට පත් ඇය වෙනුවෙන් බොහෝ දෙනා   මේ වෙද්දී තම ශෝකය ප්‍රකාශ කරමිනි සිටියි .

ඒ වගේම අභිශේකා විමලවීර කියන දක්ෂ ගායන ශිල්පිනියත් ඇය සමග ගීත කරන්නට සමත් විය . ඒ ටෙලිනාට්‍ය ගීතයක් වන සපත් නිරෝශයත් යන ගීතයයි

ඒ අනුව ඇයත් facebook සටහනක් තබමින්    සදහන් කළේ මෙවැනි අදහසක්   මෙවැන්නක්    

බුදු සාදු පාමුළ සමන් වැලක් වෙන්න පෙරුම් පිරූ,

බතක් නොයිදෙන පැළක රහසින් බතක් වී ඉදෙන්නට බලා සිටි,

වියලි ගම් බිම් වලට ඉහළින් වැස්සක් වී වැටෙන්නට ආසා කළ සිංහල ගීත සාහිත්‍යයේ සුදු සමන් මල මුකුලිතය.

දැන් ඔබට ඔබ ආසා කළ සියල්ල කළ හැක.

ආදරයේ වේදනාව හදට දැණෙන හැම මොහොතකම,

ලොවම එපාවී දැවී දැවී හිදිනා හැම වේලාවේම,

තරුද නිදන සෑම රාත්‍රියකම, ඔබේ හඩ අසා දැවෙමි,

නිවෙමි, මියෙමි. එහෙත් දෙබසින් දුක වැඩි හන්දා මුනිවත රකිමි.

දෙවියන් විසින් දුන් පඩුරක් ලෙසින් , ඔබේ හඩ අප සිත් පත්ලේ කැටයම් වී ඇත. ඔබ රම්‍ය සද කිරණමය.

ඔබ සෞම්‍ය තරු එළියමය. ඔබ අහස සේ අනන්තය.

සයුර සේ අනන්තය.

මේ විශ්වයේ සදාහරිත යශෝරාවය ඔබය. ඔබ අනන්තය…

ඔබට අනුප්‍රාප්තිකයන් නැත… ඔබ හට පෙම් කල යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත, සමාව දෙනු මට සෙනෙහෙ සිතින් ඔබ ගයනු ඇසේ…

සැදෑ කලුවරද කුර ගගා විත් පවසන්නේ , ඔබ යළි කිසිදා නො එන බවයි..

එහෙත් ජීවිතේ කවියක් බව කීවේ ඔබය. ගලන ගගකි ජීවිතේ!

ඔබ කියාදුන් පළමු පාඩම එයය. එබැවින් හිත හදාගමි..

මෑණියනි නිවන් සුව…

කෙතරම් ආදරේදැයි කීමට වචන නැත. “

සපත්නීරෝෂයක්” මගේ ජීවිතයේ මා ලද උත්තුංගම ත්‍යාගයයි.

ඔබ නැති මේ රැයට පුර හඳ එළිය කුමටද? ඔබ නැති මේ බිමට නළමුදු සුවඳ කුමටද? නිවන් සුව අත්වේවා!

අම්මේ ඔබට මගේ දේශයේ ප්‍රණාමය!!!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: