hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 09, පෙ.ව. 8:56



ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට සිනමා කෘතියක් තුළින් කෙරෙන සමාජ සද්කාර්යය මාලාවේ පලමු අදියර 2023 අගෝස්තු මස 6 ඉරිදා, කොළඹ කොටුවේ ගුණසිංහ පුර ඒ.ඊ ගුණසිංහ ක්‍රීඩාංගනයේ දී සාර්තාකව ක්‍රියාත්මක වූ බව වාර්තා වෙනවා.

එදින ම සවස ” පරණ තාලෙට සිනමාව ” නොමිලේ සිනමා ප්‍රදර්ශන සමාජ සද් කාර්යය දියත් කරමින් නාට්ටමි වරුන් සහ කොටුවේ අවට කනතාව වෙනුවෙන් නාට්ටාමි ආමි චිත්‍රපටය ක්‍රීඩා පිටියේ ඉදි කෙරුනු පුළුල් තිරයේ නොමිලේ විශේෂ දර්ශනයක් පැවැත්වුණා.

එදින නාට්ටමි වරු සහ එම පවුල් වල සාමාජිකයන් 500 කට නොමිලේ ඇස් පරීක්ෂාකර ඇස්කන්නාඩි පිලිගැන්වුනු අතර ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින් එම පවුල්වල දරුවන් 50 කට විශේෂ ක්‍රීඩා වැඩමුලුවක් පැවැත්වූ අතර ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂන කොට්ඨාශය විසින් විෂේශ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද දියත් කරන ලදි.

මෙම සද්කාර්යය සාර්ථකව දියත් කිරීම උදෙසා මුඛ්‍ය දායකත්වය දැක්වූ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය , ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිසර ආරක්ෂණ කොට්ඨාශය වෙත හෘදයාංගම ගෞරවය සහ ස්තූතිය නාට්ටාමි ආමි චිත්‍රපට කණ්ඩායම විසින් සිදු කරනු ලබනවා.

මෙම සමාජ සද්කාර්යය වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වූ සහභාගීවූ සියලු මාධ්‍යයන්ට , වාර්තාකරුවන්ට , ස්විනීතා වීරසිංහ ප්‍රවීන රංගන වේදිනියට , අමිත්ත වීරසිංහ ප්‍රවීන රංග වේදියා ප්‍රමුඛ ජයනි සේනානායක , කුමුදු නිශාන්ත ඇතුලු සියලු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට , ක්‍රීඩා පිටියේ නිලදාරී මණ්ඩලයට මෙන්ම මෙම අවස්තාව අර්ථවත් කිරීම උදෙසා ප්‍රාධන සුවිශේෂී ආරාධිතයා ලෙස අපගේ ආරාධනව මත පැමිනි ,අප අතරින් වියෝවූ දර්ශන ධර්මරාජ නම් වූ කෘතහස්ත රංගන ශිල්පියාගේ ආදරණීය බිරිඳ සුභාෂිනී ධර්මරාජ සහ දියනිය අභිනය ශ්‍රී දර්මරාජ් මෙනවියට නාට්ටාමි ආමිසමස්ථ නිර්මාන කන්ඩායමේ හෘදයාංගම ස්තූතිය පුද කරනු ලැබුවා.