hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 24, පෙ.ව. 12:03



මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්.

ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා.

ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා.

මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා.

ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි.

ඉතින් මේ කැදැල්ලට පුංචි සුරංගනාවියන් දෙදෙනෙක් එකතු වෙලා තියෙනවා.

ඇය පසුගිය දවසක හදිසියේම විදේශගත වෙලා තිබ්බා.

ඒ තමන්ගේ දියණියන් දෙදෙනත් එක්කයි.

මේ ගමන පුංචි පැටව් දෙන්නත් එක්ක යන එක මොනතරම් දුෂ්කර වුණත් නෙහාරා ඒ දුෂ්කර ගමන සාර්ථකව අවසන් කරලා කියලා තමයි ඇය ඇගේ සමාජමාධ්‍ය ජාලා පිටු අතරට එක්කරලා තිබුණේ.

කොච්චර වෙහෙසකර ගමනක් වුණත් මේ ගමන යන්න ඇයට ශක්තියක් වෙලා තියෙන්නේ මේ පුංචි පැටව් දෙන්නම තමයිලු.

අමෙරිකාවට ගියෙ ස්ථිර පදිංචියටම ද කියලා නම් තාම හරියට දන්නෙ නැහැ.

අමෙරිකාවේ ගෙදර ඉන්න පුංචි දෝණිලා දෙන්නගෙ ඡායාරූප සිය Facebook ගිණුම ඔස්සේ පළ කරමින් නෙහාරා සටහනක් තියලා තිබ්බෙ “අපේ චූටි කෙල්ලන්ගෙ අමෙරිකාවෙ අලුත් ජීවිතය” කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: