2026 අගෝස්‍තු 15, පෙ.ව. 12:14
පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් නෙත්මි රොෂෙල් රොජර්ස් මේ වන විට සිනමාවටත් සාර්ථකව පියවර තබා තිබෙනවා.
‘දෙවෙනි ඉනිම’ හි ‘ආක්ෂා’ ලෙස ජනප්‍රිය වූ නෙත්මිගේ රංගන ජීවිතයේ මේ දිනවල කාර්යබහුල කාලයක්. ‘කල්පනා’ සහ ‘එදා රෑ’ ඇතුළු සිනමා නිර්මාණ කිහිපයක් සමඟින් ඇය නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට එන්න සූදානම්.
“මම ආව මුල් කාලෙට වඩා අද මට ප්‍රේක්ෂකයන් ආදරේ කරනවා. ඒ නිසා ඒ ආදරේට මමත් එදාටත් වඩා ආදරේ කරනවා.”
නෙත්මි කියන්නේ ජනප්‍රියත්වය පසුපස යමින් සෑම නව ප්‍රවණතාවක්ම අනුගමනය කිරීමට වඩා, තමන්ට ගැළපෙන දේ පමණක් තෝරා ගැනීමට කැමති රංගන ශිල්පිනියක්.
ඇගේ රංගන ගමනේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ‘දෙවෙනි ඉනිම’ හි ‘ආක්ෂා’ චරිතයයි. අදටත් ඇතැම් ප්‍රේක්ෂකයන් ඇයව හඳුන්වන්නේ ‘ආක්ෂා’ නමින්.
සිනමාවට වැඩි ඉඩක් ලබාදීමේ අදහසක් නැති බවත්, පුංචි තිරය සහ සිනමාව සමබරව කරගෙන යාමට තමන් කැමති බවත් නෙත්මි පවසනවා.
මේ අතර ඇයගේ තවත් තීරණයක් ගැනත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. මරණයෙන් පසු පරිත්‍යාග කළ හැකි අවයව සහ ශරීර කොටස් පරිත්‍යාග කිරීමට ඇය දැනටමත් ලියාපදිංචි වී අවසන්.
“මියගිය දවසක මගේ ශරීරයෙන් දෙන්න පුළුවන් හැමදේම පරිත්‍යාග කරන්න ලියාපදිංචි වුණා.”
ජනප්‍රියත්වයත් සමඟින් වගකීමක් ද රැගෙන යන නෙත්මිගේ ඉදිරි සිනමා ගමන කෙසේ වේදැයි දැන් ප්‍රේක්ෂකයන් බලා සිටිනවා.
2026 අගෝස්‍තු 14, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 13, ප.ව. 3:32
2026 අගෝස්‍තු 13, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 12, ප.ව. 4:39
2026 අගෝස්‍තු 12, පෙ.ව. 11:33
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
14-08-26
14-08-26
14-08-26
14-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
12-08-26
12-08-26
12-08-26
12-08-26