hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 6:40



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

සිය දියණිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කෙරූ ආදරණීය මවක් වූ නිල්මිණි සමාජ සේවයේ ද නියැලෙන අයෙක් බැව් බොහෝ දෙනෙක් නොදැනුවත්.

පසුගිය දිනෙක නිල්මිණි ගැන ආයෙම වතාවක් සමාජ මාධ්‍ය ඇතුළේ කතාබහක් ඇති වෙනවා. ඒ ඈ නැවත විවාහ වුණා ය කියන ප්‍රවෘත්තියත් එක්ක.

නමුත් මේ ප්‍රවෘත්තිය ව්‍යාජ ප්‍රවෘත්තියක් බැව් කියමින් නිල්මිණි ඇගේ සමාජ මාධ්‍යයට සටහනක් එක් කොට තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන..

‘අනේ මන්දා,මිනිස්සුන්ට හිතෙන හිතෙන දේවල් ලියනවා,හිතෙන හිතෙන දේවල් කරනවා,මොකද්ද ලබන සතුට,කරන්න කොච්චර වැඩ තියෙනවද,මෙහෙම ලියන්නත් වෙලා තියෙනවා නේ,හිනාත් යනවා, ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන ජයංගනී දික්කුඹුර,එතුමියගේ ස්වාමිපුරුෂයා ගමගේ,ඒ දෙපලගේ 30විවාහසංවත්සරය,මීට අවුරුදු30පෙර,දෙවෙනි මනමාලි වූයේද මම,ඇයගේ නැගණියත්,,නැවතත් අවුරුදු 30කට පස්සේඒ දෙපලගේ දෙවැනි මනමාලිය වුණා මම ,ගයත්‍රි,ඉතින් නරකද? ඉතින් මට ලියන්න ඕනා කියලා හිතුවේඅනේ පව් මට ගොඩක් අය සුබ පතනවා,ඒඉතින් ආදරයටනේ’ 

facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: