hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 02, ප.ව. 5:51



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

පසුගිය දවසක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නිල්මිණි ඇගේ ජීවිතේ අමතක නොවන මතකයක් ගැන මේ විදිහට කියලා තිබුණා.

‘මගේ රිය අනතුර වෙලා මම මාස තුනක කාලයක් රෝහල්ගත වෙලා හිටියා. (ඒ සමයේ ඇගේ මේ අනතුර ගැන මාධ්‍ය තුළ දිගින් දිගටම කතාබහක් ඇතිවුණා…) එතකන්… මගේ දියණියට සිද්ධිය කියලා තිබුණේ නෑ.දුරකතනයෙන් විතරක් මගේ නංගි තමයි දුවට කතා කරලා තිබුණේ. දුවට එතකොට අවුරුදු 5යි. අනතුරින් මාස තුනකට පස්සෙ තමා මම මගේ දුවව ඇස් දෙකට දැක්කෙ. එයා මාව අම්මා කියලා අඳුරගත්තෙ නෑ. ඒක මට අදටත් අමාරුයි මතක් කරන්න…’

ඇත්තටම නිල්මිණි ගැන අපි ‘නොදන්න’ නිල්මිණි විතරක්ම ‘දන්න’ දේවල් මොනාද?

‘මම ප්‍රසිද්ධ කරන්නෙ නැතුව ගොඩක් සමාජ සත්කාර කරන කෙනෙක්. අම්මා තාත්තා නැති දියණියක්ව මම බලාගන්නවා. ඒ වගේම… මම මගේ ජීවිතේට ලැබුණු අත්දැකීම් බොහෝ දෙනෙක් එක්ක බෙදා හදා ගන්නවා. ඒ අයගේ මනස හදනවා………’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: