hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 මැයි 03, පෙ.ව. 12:02



දිවිතුරා ටෙලි නාට්‍යය වින්ඩි කියන චරිතයට පණ පොවන ඇය කොයි කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක් වූ නිලූෂි පවන්යා.නිරූෂි ගැන කතා කරද්දි ඇය දක්ෂ මෝස්තර නිරූපිකාවක් හා නාර්තන ශිල්පිනියක් විදිහටත් ප්‍රසිද්ධයි.මේ දවස්වල නම් ඇය දිවිතුරා ටෙලි නිර්මාණයේ නිරූපණය කරන වින්ඩි කියන චරිතය නිසා බොහොමයක් ප්‍රේක්ෂකයන්ගෙන් බැනුම් තමයි අහන්නේ.

හැබැයි ඒ විදිහට හැමෝම ඇයට බනින්නේ ඇය සාර්ථකව චරිතය කරන නිසා වෙන්න ඇති.ඒ වගේම තමයි සාමාන්‍යයෙන් තාමත් තනිකඩ ජීවිතයක් ගත කරන ඇයට පෙම්වතෙක් ඉන්නවද එහෙමත් නැත්නම් තාමත් ඇය තනිකඩයිද ආදරෙන් පරාජ වෙලා බයේ ජීවත් වෙනවද කියන ප්‍රශ්න බොහොමයක් ඇයගේ ප්‍රේක්ෂකයන් අයගෙන් අහලා තිබුණා.

ඒ නිසාම ඒ සියලුම දේවල් වලට උත්තරයක් විදිහට නිලූශී සතිය අග පුවත්පතක් සමග එකතුවෙලා පිළිතුරු දීලා තිබ්බේ මේ විදිහටයි.

“ ලොකු කාලයක් මම කෙනෙකුට ආදරේ කළා. එයා හරිම හොඳ කෙනෙක්. එයාගේ පවුලේ අයත් හරිම ආදරණීය මිනිස්සු. ඒත් අපි අතර හොඳ තේරුම් ගැනීමක් තිබුණේ නැහැ. ඒ නිසා කතාබහ කරලා අයින් වුණා. දැන් පෙම්වතෙක් නැහැ .

 මම ඒ ආදරෙන් ඈත් වුණාට පස්සෙ තව දෙයක් හිතුවේ නැහැ. ආදරේ ගැන නොහිතා වැඩ කරන්න හිතුවා. හිටපු පෙම්වතා මගේ ෆැෂන්වලටවත් කැමති නැහැ. මම කරන කිසි දෙයකට කැමති නැහැ. මම නිළියක් කියලා දැනගෙන ආදරේ කළේ එයා. එයා ට්‍රැඩිෂනල් පැත්තට ගොඩක් බර කෙනෙක්. එයාට තිබ්බ ආදරේ නිසා මම ඒ කාලේ වැඩිය රඟපාන්න ගියෙත් නැහැ. හොඳ සිනමා නිර්මාණ කිහිපයක් ප්‍රතික්ෂේප කළා. වැඩවලින් ඈත් වුණා. ඒත් හැමදේකටම සීමාවක් තියෙනවා. මට ඕන මං වෙලා ජීවත් වෙන්න. තව කෙනෙකුට ඕන විදිහට කොච්චර වෙනස්කම් කරන්නද. ඒ නිසා ආදරේ කරන එක පැත්තකින් තිබ්බා ටික කාලෙකට බයේ නෙමෙයි රංගනයට මුල් තැන දෙන්න ඕන නිසා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: