hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:13



ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් මියුරු කඩහඩකට හිමිකම් කියන ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි නිරෝෂා විරාජිනි කියලා කියන්නේ.

මීට වසර ගණනාවකට පෙරදී ගායන ක්ෂේත්‍රයට පිවිසෙන ඇය වර්තමානය වනවිට ලාංකිකයන් අතර ගායිකාවක ලෙසින් සුවිශේෂ නමක් හිමිකරගෙන තිබෙනවා. ඇත්තෙන්ම ඇගේ මියුරු කඩහඩට ලංකාවේ ආදරය කරන්නෙකු නොමැති තරම්.

ඒ බව රහසක් නොවෙයි.

කොහොමහරි ඉතින් මේ ප්‍රවීණ ගායන ශිල්පිනිය විසින් ගායනා කරනු ලැබු ජනප්‍රියත්වයට පත් ගීත කිහිපයක් ලෙස සිත හඩයි, සුදු ඇත් පොව්වෙක්, රන් ගිර යන ගීත අපට හදුන්වන්න පුලුවනි. 

නිරෝෂාට ආදරේ කරන බොහෝමයක් රසිකයින් අදටත් ඇගේ පුද්ගලික ජීවිතේ ගැන හොයන්න, බලන්න උනන්දු වෙන බැව් රහසක් නෙවෙයි.

පසුගිය දිනෙක නිරෝෂා, දීර්ඝ කාලයක් තිස්සෙ ඈව ලුහුබැඳ එන රසිකයෙක් ගැන මේ විදිහේ කතාවක් කියලා තිබුණා.

‘ෆෑන්ස්ලා කරපු දේවල් නම් ගොඩයි. ළඟම එකක් කියන්නම්.. 31 රෑ ශෝ එකක් ඉවර වෙලා, යාලුවෙක් එක්ක එළියට ගියා. අපි ගෙදර ගිහින් කිරිබත් හදන් කමු කියලත් කතා වුණා.’

‘එළියට බහිනකොටම ඔය කියන මනුස්සයා ආවානේ. මගේ පස්සෙන් අවුරුදු පහළොවක් තිස්සෙ එනවා ඒ මනුස්සයා. මම ඩ්‍රයිව් කර කර හිටියේ. ඒ මනුස්සයා දුවන් එනවා. දකුණට දාගන්න බැරි වුණා. පැය තුනා හමාරක් පාරේ. බැරිම තැන මම හයියෙන් කෑ ගහලා‍ ‘ළඟට ආවොත් ඔලු කට්ට කුඩු වෙන්න ගහනවා ‘ කිව්වා. පාන්දර තුන හමාර යි ගෙදර යද්දි…..’

ඇත්තටම නිරෝෂා කවමදාවත් විවාහ වෙන එකක් නැද්ද? යන ප්‍රශ්නයට ඇය පිළිතුරු ලබා දී තිබුණේ මෙලෙසයි.

‘ඔව්… මම විවාහ නොවන බවක් කිවුවා. ඒ මම හොයපු ආදරය මට නොලැබුණු නිසා… මම හැමදාමත් හෙව්වේ මගේ හඬට නැතිව මට ආදරය කරන කෙනෙක් මා තුළ වසන ස්වාධීන සාමාන්‍ය ගැහැනියට ආලය කරන්න කාට හරි පුළුවන් නම් එයයි මා සෙවූ ආදරය.’

‘මම හැමදාමත් හෙව්වේ හරි කලාත්මක ප්‍රේමයක්… එය බොහෝ විට නවකතාවල තියෙන ආදර බැඳීම්වලට සමයි. මොකද මම හොයන්නේ නියම ආදරය… ඒක හරියට කෙමිකල් එකක් වාගේ. හැබැයි එය මට හමුවුණේ ඉහත කී මගේ පළමු පෙම හරහා පමණයි.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: