hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 මාර්තු 26, පෙ.ව. 12:05



ඔවුන් දෙදෙනාම එකම සරසවියේ සහෝදරයින්..

ඒත් දැන් ඒ දෙන්නාම හැමෝම අත් හැරදා යන්නම ගිහින්..

ඊයේ නිරෝෂණ ගැන අහන්න ලැබුණ කණගාටුදායක පුවත නිසා ඊයේ කැලණිය සරසවියම නොසන්සුන්.. 

සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් හෙවත් සරසවියේ දී ‘මොණරා’ යන අනුවර්ථන නාමයෙන් හැඳින්වූ මෙම තරුණයා, ඊයේ රාත්‍රී 10ට පමණ මීමැස්මොර රෝගී තත්ත්වයක් නිසා රෝහල්ගත කර තිබුණා…

ඒත් නියමිත මොහොතට රෝහල් ගත කිරීමට නොහැකි වීම නිසා ඔහු දැන් අපි අතර නැහැ.. මේ කියන්න යන්නේ තවත් සරසවි සිසුවියක් ගැන කතාවක්..

ඇයත් මේ වෙද්දී අපි අතරින් සමුගෙන.. ලක්මිණී දිසානායක නම් ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ හදිසි රෝගී තත්වයක් හේතුවෙන්..

කොහොම වුණත් ඔවුන් දෙදෙනා ඒතරම් සමීප නොවූවත්, ඉඳ හිට දැක පුරුදු මේ මුහුණු දෙක වෙනුවෙන් මුහුණු පොතේ සංවේදී සටහනක් ලියැවී තිබුණා.

“අපිට එක එක හේතු නිසා කැම්පස් එකේ ඉන්න ලැබෙන කාලෙ අඩු වුනා.. ඒත් ආර්ට් එකේ සහෝදරකම් එහෙම අඩුවෙලා තිබුනෙ නැ… ජිම් කැන්ටිම ලග තියන නැති හැම එකාම බෙදාගෙන සින්දුවක් කියාගෙන හිනාව සතුව පුරෝගෙන ඉන්න එක බලන මටත් හරි ලස්සන සරසවි මතක එකතු කලා..එ බැදීම හැමදාම දකින නිසාම මං උන්ගෙ ලස්සන වැඩ පෙන්නන දවස් වලට කැම්පස් එකට යන්න අමතක කරන්නෙ නැ..
මෙ අවුරුදු හතරට අපිට එකාවගෙ ඉන්න හුග දවස් තිබුනෙ නැ..
සමහරවිට උබලා දෙන්න එක්ක මම වචනයක් වත් කතා කරලත් නැතුව ඇති.. සමහර දාක ජිම් කැන්ටිම ලග හම්බුන වෙලාවක හිනාවකින් මුන ගැහෙන්න ඇති.. ඒත්,
මට දැන් හිතෙන්නෙ අපිට මෙහෙම වේදනාවක් දැනෙනවනම් උබලා එක්කම හිටපු උන් මේවා කොහොම දරාගන්නව ඇතිද….
අවුරුදු හතරක අවසානෙ අහිංසක හීන ලගටම ඇවිත් ඉන්න වෙලාවක කැලනියට මේ වගෙ නිහඩ දවස් තව නම් නොඒවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: