hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 28, පෙ.ව. 12:02



ඔවුන් දෙදෙනාම එකම සරසවියේ සහෝදරයින්.

ඒත් දැන් ඒ දෙන්නාම හැමෝම අත් හැරදා යන්නම ගිහින්.

නිරෝෂණ ගැන අහන්න ලැබුණ කණගාටුදායක පුවත නිසා කැලණිය සරසවියම නොසන්සුන්.

සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් හෙවත් සරසවියේ දී ‘මොණරා’ යන අනුවර්ථන නාමයෙන් හැඳින්වූ මෙම තරුණයා, ඊයේ රාත්‍රී 10ට පමණ මීමැස්මොර රෝගී තත්ත්වයක් නිසා රෝහල්ගත කර තිබුණා.

ඒත් නියමිත මොහොතට රෝහල් ගත කිරීමට නොහැකි වීම නිසා ඔහු දැන් අපි අතර නැහැ.

මේ කියන්න යන්නේ තවත් සරසවි සිසුවියක් ගැන කතාවක්.

ඇයත් මේ වෙද්දී අපි අතරින් සමුගෙන.

ලක්මිණී දිසානායක නම් ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ හදිසි රෝගී තත්වයක් හේතුවෙන්.

කොහොම වුණත් ඔවුන් දෙදෙනා ඒතරම් සමීප නොවූවත්, ඉඳ හිට දැක පුරුදු මේ මුහුණු දෙක වෙනුවෙන් මුහුණු පොතේ සංවේදී සටහනක් ලියැවී තිබුණා.

”මොකක් හරි කරලා හිත හදාගන්න තිබ්බා උඹ උඹේ ජිවිතේ නැති කරගත්ත නම්, ඒක උඹේ කැමැත්ත කියලා,

ඒත් ලැප්පෙක ඉස්සරහට වෙලා වැඩ කර කර ඉද්දී උඹවත් නොහිතපු වෙලාවක උඹ මැරුණා!

උඹවත් නොදැන, උඹ අවසන් ගමන් ගිය එක. තමයි දරන්නම බැරි ම.

අහිංසක ම ජුන්නා

සුව නින්දක් සොයුර! ”

”දරා ගත නොහැකි ම තැන ලියමි.

මේ ගෙවෙන්නෙ

සරසවියෙ අන්තිම දවස්

මහා කෲර විදිහට

අපේ උන්

අපෙන් අකාලෙ උදුර ගනී කියල හිතුවෙ නෑ

අනෙ අපෙ දිසාවි, මොණරා

උබල අපිට නොකියා ම රහසින් ම යන්න ගිහින්…

දන්නෙ මෙච්චරයි

ජීවතේ හරි අවිනිශ්චිතයි…

Lakmini Disanayaka Niroshana Lakmal

උබලාට නිවන් සුව…! ”

”අපිට එක එක හේතු නිසා කැම්පස් එකේ ඉන්න ලැබෙන කාලෙ අඩු වුනා..

ඒත් ආර්ට් එකේ සහෝදරකම් එහෙම අඩුවෙලා තිබුනෙ නැ…

ජිම් කැන්ටිම ලග තියන නැති හැම එකාම බෙදාගෙන සින්දුවක් කියාගෙන හිනාව සතුව පුරෝගෙන ඉන්න එක බලන මටත් හරි ලස්සන සරසවි මතක එකතු කලා..

එ බැදීම හැමදාම දකින නිසාම මං උන්ගෙ ලස්සන වැඩ පෙන්නන දවස් වලට කැම්පස් එකට යන්න අමතක කරන්නෙ නැ..

මෙ අවුරුදු හතරට අපිට එකාවගෙ ඉන්න හුග දවස් තිබුනෙ නැ..

සමහරවිට උබලා දෙන්න එක්ක මම වචනයක් වත් කතා කරලත් නැතුව ඇති..

සමහර දාක ජිම් කැන්ටිම ලග හම්බුන වෙලාවක හිනාවකින් මුන ගැහෙන්න ඇති.. ඒත්,

මට දැන් හිතෙන්නෙ අපිට මෙහෙම වේදනාවක් දැනෙනවනම් උබලා එක්කම හිටපු උන් මේවා කොහොම දරාගන්නව ඇතිද….

අවුරුදු හතරක අවසානෙ අහිංසක හීන ලගටම ඇවිත් ඉන්න වෙලාවක කැලනියට මේ වගෙ නිහඩ දවස් තව නම් නොඒවා ”

”උබේ හීනෙ දිනන්න ඇගිලි ගැන ගැන ඉද්දිම මොකක්ද අපේ නංගියේ උබට මේ වුණේ,

පොඩි සාදු කිය කියා මේ දවස් ටිකේම උබ වද දිදී Thesis එක ගොඩ දාගන්න තොරතුරු අහපු,

උඹ ගැන උබේ යාලුවෝ කෝල් කරල මට කියද්දී අදහගන්නත් බැරි වුණා.

විශ්වාස කළෙත් නෑ නංගියෝ… ඒත් උඹ නොකියාම අපිව දාලා ගියා. වරද කාගේ වුණත් දැන් සියල්ල නිමා වී හමාරයි..!

කැළණි විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිංහල විශේෂවේදි උපාධිය හදාරලා කවද හරි දවසක ටීචර් කෙනෙක් වෙන්න හීන දැකපු ඔයාට ඒ හීනයම තුරුල් කරන් යන්න වුණ එක ගැන නම් හිතට හරිම වේදනයි නංගියෝ…

සිවුර දාගත්තට මෙහෙම දේවල් දරාගන්න අමාරුයි මගේ නංගි, ඇත්තම හේතුව එක කුස උපන් නංගිලා නැති නිසා උඹයි හිටියේ මට ළගින්ම, මගෙන් පස්සේ කැම්පස් ගිය එකම කෙල්ල අපේ පවුලේ, ඒකයි දරගන්න අමාරු….

අජරාමර නිවන් සුව අපේ නංගියෝ…! ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: