2026 ජූනි 18, පෙ.ව. 12:27
බොලිවුඩයේ සුපිරි තරු යුවළක් වන අජේ දේව්ගන් සහ කාජල්ගේ දියණිය වන නයිසා දේව්ගන් ගැන මෑතක ඉඳන් විවිධ කතා මතුවෙනවා.
ඒකට හේතුව ඇය මෑතකදී සහභාගී වූ උත්සව කිහිපයකදීම ඇගේ පෙනුමේ කැපී පෙනෙන වෙනසක් දැකගන්නට ලැබීම.
මේ වෙනසත් එක්ක දැනටමත් බොහෝ පිරිසකගේ අවධානය ඇය වෙත යොමු වෙලා තියෙනවා කිව්වොත් වැරදි නැහැ.
ඇගේ වත්මන් රූපය පැරණි ඡායාරූප සමඟ සසඳන විට ඇගේ සමේ පැහැය සහ මුහුණේ හැඩයේ විශාල වෙනසක් වෙලා කියලා තමයි ඇයව දකින අය කියන්නේ.
ඒ නිසාම ඇය ප්ලාස්ටික් සැත්කම් හෝ සම සුදු කිරීමේ ප්‍රතිකාර ලබාගෙන ඇති බවට මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන එල්ල වෙනවා.
හැබැයි ඉතින් මේ කටකතා සහ චෝදනා සියල්ල කාජල් විසින් තරයේ ප්‍රතික්ෂේප කරමින් ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තම දියණිය කිසිදු සැත්කමකට භාජනය වී නොමැති බවයි.
කාජල් කියන විදිහට නයිසාගේ මෙම සුන්දරත්වයේ රහස ඇගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවලු.
“නයිසා කියන්නේ ඇගේ පියා (අජේ දේව්ගන්) වගේම ශාරීරික යෝග්‍යතාවය ගැන ගොඩක් හිතන කෙනෙක්. ඇය සතියකට තුන් පාරක් විතර ස්වාභාවික ෆේස් පැක් සහ රූපලාවන්‍ය සත්කාර පාවිච්චි කරනවා.” යනුවෙන් කාජල් සඳහන් කරා කියලා තමයි වාර්තා වෙන්නේ.
ඒ වගේම නයිසා නිරෝගී ආහාර වේලක් ලබාගන්නා බවත්, නිසි පරිදි ව්‍යායාම කිරීම සහ ජලය පානය කිරීම වැනි ස්වාභාවික පුරුදු නිසා ඇගේ පෙනුම මේ විදිහට ධනාත්මකව වෙනස් වී ඇති බවත් කාජල් කියනවලු.
ඇත්ත නැත්ත මොකක් වුණත් සිනමා ක්ෂේත්‍රයට එන්නත් කළින්ම ඔන්න නයිසා දේව්ගන් ඇගේ මේ ආකර්ෂණීය පෙනුම නිසා දැනටමත් විශාල රසික ප්‍රමාණයකගේ අවධානය දිනා ගෙන කියලත් ඉවරයි කියලා කියන පිරිසකුත් ඉන්නවා.





2026 ජූනි 17, පෙ.ව. 12:10
2026 ජූනි 16, පෙ.ව. 12:06
2026 ජූනි 14, පෙ.ව. 12:07
2026 ජූනි 13, පෙ.ව. 12:19
2026 ජූනි 12, පෙ.ව. 12:08
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26
16-06-26