hit counter

2026 ජූලි මස 24 වන සිකුරාදා

2026 ජූලි 25, පෙ.ව. 12:10



මේ සමුගැනීම නම් කෙනෙක්ට අදහාගන්නත් බැරුව ඇති. ඒත් දැන් මේ තරුණිය සියල්ලන් අතර මතකයක් පමණක් එක්කරමින් සමුගෙන ගිහින්.

ඇය නමින් ඔදිත්‍යා විජේසේකර. ඊයේ ගොම්මන් සැඳෑවක ඇය සිය හිතවතුන් අත්හැර මෙලොවින් සදහටම සමුගන්නවා. 

හිරණ පොදු සුසාන භූමියේදී මිහිහදන් වූ ඇය ගැන සමාජමාධ්‍ය තුළ විවිධ කතා සංසරණය වුණත්, මේ තරුණියට වැළඳුණු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය සදහටම සමුගත්තා. පානදුර සාන්ත ජෝන් බාලිකා විද්‍යාලය සහ මිලාගිරිය.

ශාන්ත පාවුළු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇයගේ මිතුරුන් මේ මරණය ගැන සංවේදීව සමාජමාධ්‍යට එක්කරලා තිබුණා. එසේම ඇයගේ නිසල දේහයට අවසන් ගෞරවය දක්වන්න බොහෝ දෙනෙන් එක්ව තිබුණා. ඇයගේ ආදරණීය සුරතලා ඔදිත්‍යාගේ නිසල දේහය අසල සිටින දසුනද මෙහි සිටි සැම කෙනෙක්ගේම හද කම්පා කරන තවත් එක් සිද්ධියක් වුණා.

නැවත උපදින කිසිදු ආත්මයක ඇයට මෙවන් අකල් මරණයක් අත්නොවේවා..!